Search

Instagram එකේ පෝස්ට් එකකින් හිතන්න වත් බැරි මුදලක්

ජනප්‍රිය සමාජ මාධ්‍ය වේදිකාවක් වන Instagramහි පෝස්ට් පළ කිරිම මගින් වැඩිම මුදල් ආදායමක් උපයන ජනප්‍රිය පුද්ගලයන් පිළිබඳ අනාවරණයක් සිදු කර තිබෙනවා.

Instagram තුළ එක් පළ කිරිමක් වෙනුවෙන් සාමාන්‍යයෙන් හිමිවන ඇස්තමේන්තුගත ගෙවීම මෙය ලෙසටයි සැලකෙන්නේ.

ඒ අනුව පෝස්ට් එකක් පළ කිරීම මගින් සුපිරි පාපන්දු ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝට (Cristiano Ronaldo) හිමිවන මුදල ඩොලර් 3,234,000ක් වන අතර එය ජනප්‍රිය අයෙකුට හිමිවන වැඩිම මුදලයි.

එමෙන්ම පාපන්දු ශූර ලියොනල් මෙසිට (Lionel Andrés “Leo” Messi) Instagram පෝස්ට් පළ කිරීම් මගින් ඩොලර් 2,597,000ක් හිමිවන බව සඳහන්.

එම වැඩිම මුදලක් උපයන සුපිරි දස දෙනා අතර ඔහු පසුවන්නේ දෙවන ස්ථානයේයි.

ඇමරිකාවේ ජනප්‍රිය ගායිකාවක් මෙන්ම රංගන ශිල්පිනියක් වන සෙලීනා ගෝමස් (Selena Marie Gomez) Instagram පෝස්ට් පළ කිරීම මගින් වැඩිම මුදලක් උපයන ලැයිස්තුවේ තුන්වන ස්ථානයට පැමිණ සිටින අතර ඇයට හිමිවන මුදල ඩොලර් 2558000ක්.

කැනේඩියානු ගායක ජස්ටින් බීබර් (Justin Drew Bieber) එම ලැයිස්තුවේ දසවන ස්ථානයේ සිටින අතර ඔහුට පෝස්ට් පළ කිරීම තුළින් ඩොලර් 1,763,000ක් හිමිවන බව සඳහන්.

ටැටූ ගහල නම් රැකියා නැහැ – ශ්‍රී ලංකා පොලීසියෙන් අවවාදයක්

ශරීරයේ කිසියම් හෝ ස්ථානයක ටැටූ ගසා ඇත්නම් පොලිස් දෙපාර්තමේන්තුවේ රැකියා සඳහා අවස්ථාව හිමි නොවන බව ප්‍රධාන පොලිස් පරීක්ෂක මනෝජ් සමරසේකර පවසනවා.

Read More »

ඔස්ට්‍රේලියා නිපුණතා හිඟයට University වලින් විසඳුම්

ඔස්ට්‍රේලියා විශ්ව විද්‍යාල පුහුණු ශ්‍රමිකයින්ගේ අවශ්‍යතා වෙනුවෙන් විශේෂිත වැඩසටහන් දියත්කරමින් සිටින බව මෙල්බන් විශ්ව විද්‍යාලය පවසනවා.

Read More »