Search

dating apps භාවිතා කරන ඔස්ට්‍රේලියානුවන්ට එන ඉල්ලීම් ගැන හෙළිදරව්වක්

ඩේටින් ඇප් (dating apps) භාවිතා කරන සෑම ඔස්ට්‍රේලියානුවන් අට දෙනෙකුගෙන් එක් අයෙකුටම ළමා ලිංගික අපයෝජනයට හෝ ඊට පහසුකම් සපයන ලෙස ඉල්ලීම් ලැබී ඇති බව සමීක්ෂණයකින් හෙළි වී තිබෙනවා.

ඩේටින් ඇප් භාවිතයට මෑත වසරවලදී අමතර ආරක්ෂිත විශේෂාංග හඳුන්වා දී තිබුණ ද පර්යේෂකයන් පවසන්නේ ආරක්ෂාව වෙනුවෙන් තවත් බොහෝ දේ සිදු කිරීමට ඇති බවයි.

පුද්ගලයන් 10,000ක් යොදාගෙන කරන ලද සමීක්ෂණයකට අනුව මෙම කරුණු හෙළිවී තිබෙනවා.

ඔස්ට්‍රේලියානු අපරාධ විද්‍යා ආයතනය වාර්තාවක් නිකුත් කරමින් සඳහන් කළේ සමීක්ෂණයට ප්‍රතිචාර දැක්වූවන්ගෙන් සියයට 13කට ආසන්න ප්‍රමාණයකට මෙම ඉල්ලීම් එකක් හෝ ලැබී ඇති බවයි.

ඡායාරූප ඉල්ලා සිටි අයගෙන් අඩක් පමණ ළමයින්ගේ ලිංගික ඡායාරූප ලබා දීමට බලපෑම් කරන බවටයි අනාවරණ වී ඇත්තේ.

තවත් සියයට හැට නවයක් පමණ ළමයින්ගේ ලිංගික ස්වභාවය පිළිබඳ ප්‍රශ්න අසන ලද බව වාර්තා කර තිබෙනවා.

තරුණයින්, පළමු භාෂාව ඉංග්‍රීසි නොවන පුද්ගලයින් සහ ආබාධිත හෝ දිගු කාලීන රෝගාබාධ ඇති පුද්ගලයින් යන සියල්ලන්ම මෙමගින් අවදානමට ලක්ව ඇති බවටයි හෙළිවී ඇත්තේ.

මෙම ඩේටින් ඇප් තුළ නිවැරදි අනන්‍යතාවක් දැක්වීමට අවශ්‍ය නොවීම හේතුවෙන් ලිංගික අපරාධකරුවන් වෙනත් කෙනෙකු ලෙස පෙනී සිටිමින් මෙවැනි ක්‍රියාවල නිරතවන බව පොලිසිය ප්‍රකාශ කළා.

මෙවැනි ඇප් සම්බන්ධයෙන් වඩාත් අවදානම් කණ්ඩායම් දැනුවත් කිරීම මෙන්ම සැක සහිත හැසිරීම් ගැන පොලිසියට වාර්තා කරන්නැයි දැනුවත් කිරීම සඳහා පියවර ගැනීමට නියමිතයි.

දරුවන් අපයෝජනයට ගත් ප්‍රධාන බැංකුවක නිලධාරියා හදිසියේ මියයයි

ලිංගිකත්වය සඳහා බාලවයස්කාර ගැහැණු ළමයින් ලබා ගැනීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටි ප්‍රධාන බැංකුවක හිටපු විධායක නිලධාරියෙකු වන ක්‍රිස්ටෝපර් ජේම්ස් මැකන් [Christopher James McCann] මියගොස් තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාව TikTok තහනම ඉල්ලද්දි ශ්‍රී ලංකාවේ අධ්‍යාපනයට TikTok එක්කර ගනියි

ඔස්ට්‍රේලියාව TikTok තහනම් කිරීමට සාකච්ඡා පවත්වන විට ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය ඩිජිටල්කරණය කිරීමට TikTok සමාගමේ එකඟත්වය පළ කර තිබෙනවා. මේ පිළිබඳව සාකච්චා කිරීම සදහා TikTok සමාගමේ

Read More »