Search

නීති විරෝධී වැඩක් කළ ලාංකිකයෙක් ඇතුලු 6ක් මෙල්බන් නුවරදී පොලිස් දැලේ පැටලෙයි

වික්ටෝරියා ප්‍රාන්තයට නීතිවිරෝධීව දුම්වැටි මිලියන 10ක් ආනයනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ශ්‍රී ලාංකිකයෙක් ඇතුලු පුද්ගලයින් 6 දෙනෙකු මෙල්බර්න් නුවරදී පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

45 හැවිරිදි ශ්‍රී ලාංකිකයා විසින් මෙහෙයවා ඇති බව කියන මෙම ජාවාරම සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ තවත් අයෙකු මෙල්බන් නුවර සුප්‍රසිද්ධ අපරාධ පවුලකට සම්බන්ධකම් ඇති අයෙක් බවටයි චෝදනා එල්ල වී ඇත්තේ.

අත්අඩංගුවට පත්වී ඇති අනෙක් සැකකරුවන් 5 දෙනා අවුරුදු 31, 35 සහ 40 වයස්වල පසුවනවා.

පසුගිය 3 වනදා දේශසීමා බලකා නිලධාරීන් විසින් මෙම දුම්වැටි සොයා ගෙන ඇති අතර වියට්නාමයේ සිට වික්ටෝරියා ප්‍රාන්තයට නීතිවිරෝධී ලෙස මෙම දුම්වැටි ආනයනය කර ඇති බවටයි පොලිසිය අනාවරණ කරගෙන ඇත්තේ.

අදාළ දුම්වැටි තොගයෙහි වටිනාකම ඩොලර් මිලියන 15 ක් ලෙස ගණන් බලා තිබෙනවා.

වික්ටෝරියා ප්‍රාන්ත ආරක්ෂක අංශ පෙන්වා දෙන්නේ මෙලෙස අත්අඩංගුවට ගනු ලැබුවේ වසරකට රට තුළට නීති විරෝධීව රැගෙන එන ඩොලර් බිලියන ගණනක් වූ දුම්වැටිවලින් ඉතා කුඩා කොටසක් පමණක් බවයි.

බලධාරීන් පැවසුවේ, නීතිවිරෝධී දුම්වැටි සහ මත්ද්‍රව්‍ය ගෙන ඒමට අපරාධ කණ්ඩායම්වලට උදව් කළ භාණ්ඩ ප්‍රවාහන හා ප්‍රවාහන ක්ෂේත්‍රයේ විශාල පිරිසක් සේවාවලින් ඉවත් කර තිබීම හමුවේ මෙම අත්අඩංගුවට ගැනීම විශේෂ වන බවයි.

 

සැකකරුවන්ට දුම්වැටි ආනයනය සම්බන්ධයෙන් වසර 10ක සිරදඬුවමකට මුහුණ දීමට සිදු වනු ඇති බව සඳහන්.

සැකකරුවන් පොලිසිය විසින් අධිකරණයට ඉදිරිපත් කර ඇති අතර ඊට අදාළ නඩුව ලබන ජූලි මාසය දක්වා කල් තබා තිබෙනවා.

ආබාධිත දරුවන් විශාල පිරිසකට උපකාර කළ අශ්වයාට වික්ටෝරියාවේදී සිදුවූ දේ

පසුගිය වසර දෙකක කාලසීමාව තුළ ආබාධිත දරුවන් රැසකට සහය වූ Therapy අශ්වයෙකු වික්ටෝරියා ප්‍රාන්තයේ බෙන්ඩිගෝ හීදී සොරාගෙන තිබෙනවා.

Read More »

ලාංකිකයන්ගේ ඔස්ට්‍රේලියා – නවසීලන්ත සිහින සැබෑ වෙන්න තව පැය 48 යි

ඔස්ට්‍රේලියා – නවසීලන්ත රැකියාවක් හෝ අධ්‍යාපනය පිළිබඳ බලාපොරොත්තුවෙන් පසුවන ශ්‍රී ලාංකික තාරුණ්‍යයේ සිහින ඉටු කෙරෙන සංක්‍රමණ වැඩමුලු මාලාවේ 02 වන අදියර “AusLanka TV Education Migration Expo 2025” පැවැත්වීමට ඇත්තේ තව දින 02 ක් පමණයි.

Read More »