Search

හොඳම වැනිලා කේක් නිෂ්පාදනයට හිමි සම්මානය දෙවන වරටත් දිනා ගත් සමාගම

ඔස්ට්‍රේලියාවේ හොඳම වැනිලා කේක් නිෂ්පාදනයට හිමි සම්මානය දෙවන වරටත් වික්ටෝරියා ප්‍රාන්තයේ බේකරියක් විසින් හිමිකර ගෙන තිබෙනවා.

පසුගියදා පැවති බේකින් ෂෝ තරගාවලියේ දී නෝර්ත් එන්ඩ් බේක් හවුස් සමාගම විසිනුයි මෙම සම්මානය දිනාගෙන ඇත්තේ.

එම තරගාවලියේදී සම්මාන දෙකකින් මෙම බේකරිය පිදුම් ලැබූ අතර ඔස්ට්‍රේලියාවේ හොඳම හොට් ක්‍රොස් බනිස් සම්මානය ද තුන්වන වරටත් එම බේකරිය විසින් හිමිකර ගෙන තිබෙනවා.

නෝර්ත් එන්ඩ් බේක්හවුස් හිමිකරු මැට් අයිලට් පැවසුවේ අඛණ්ඩව හොඳම වැනිලා කේක් නිෂ්පාදනයට හිමි සම්මානය ලබාගැනීම හැකිවීම තම බේකරියේ හැකියාව පෙන්නුම් කරන බවයි.

මෙම වැනිලා කේක් නිෂ්පාදනය වෙනත් කේක් වට්ටෝරු සමඟ මිශ්‍රණය නොකර එකම ප්‍රමිතිය පවත්වාගෙන යෑම තම ජයග්‍රහණයට හේතු බව ද හිමිකරු ප්‍රකාශ කළා.

ප්‍රාන්ත හතරකින් බේකරි 120ක් තරඟයට තම නිෂ්පාදන ඉදිරිපත් කර තිබු අතර ඔස්ට්‍රේකියාවේ ප්‍රමුඛ පෙලේ බේකරි සමාගම් අභිබවා කුඩා බේකරියක් මෙලෙස ජයගැනීම කාගේත් අවදානයට යොමුව තිබුණා.

ඔස්ට්‍රේලියාව තුළ න්‍යෂ්ඨික බලශක්ති භාවිතයේ දැවැන්ත පාඩුවක් ගැන පළමු වරට අනාවරණයක්

ඔස්ට්‍රේලියාව තුළ න්‍යෂ්ඨික බලශක්ති භාවිතය පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් භාවිතා කිරීමට සාපේක්ෂව දෙගුණයකින් පමණ මිලෙන් අධික වන බව නවතම වාර්තාවකින් හෙළිදරව් වී තිබෙනවා.

Read More »

වසර 30 කට පසු Emirates මෙල්බන් ගුවන් සේවා අඩු කරන්න යයි

Emirates ගුවන් සමාගම විසින් වසර 30 කට පසු ඔස්ට්‍රේලියා මහද්වීපය සහ ආසියා මහද්වීපය අතර දිවෙන ප්‍රසිද්ධ ගුවන් ගමන් මාර්ගයක සිය සේවාවන් අත්හිටුවා තිබෙනවා.

Read More »

සතිය ආරම්භයේ ඔස්ට්‍රේලියානු $ අගය තවත් පහතට

ශ්‍රී ලංකා මහ බැංකුව අද නිකුත් කළ (දෙසැම්බර් 09) විනිමය අනුපාතයන්ට අනුව ඔස්ට්‍රේලියානු ඩොලරයක විකිණුම් අගය රුපියල් 191 කට ආසන්න වී තිබෙනවා.

Read More »

Geelong හි මෝටර් රථ සොරකමක් මැඩලීමට ගිය පොලීසියට අනතුරක්

වික්ටෝරියා ප්‍රාන්තයේ Geelong හීදි සිදුවූ මෝටර් රථ සොරකමක් වැළැක්වීමට යාමේදී එක් නිළධාරියෙකු මෝටර් රථයක ගැටී තවත් නිලධාරීන් දෙදෙනෙකුට පහර දීමක් සිදුවී තිබෙනවා.

Read More »