Search

අසනීප වුණාම රැකියා ස්ථානයට දෙන්න වෛද්‍ය සහතික ගන්න ඔබ මේ ගැන දැනුවත් ද?

අසනීප හෝ රැකවරණ නිවාඩු ලබා ගැනීමේදී තම සේවා ස්ථානයට වෛද්‍ය වාර්තාවක් ඉදිරිපත් කිරීම අනිවාර්‍ය වන අතර ඒ සඳහා ඔස්ට්‍රේලියාව තුල වඩාත් ලාභදායී අංශ පිළිබඳ අනාවරණයක් සිදු කර තිබෙනවා.

ඔස්ට්‍රේලියාවේ සාමන්‍ය වෛද්‍ය ලියවිල්ලක් ලබා ගැනීම සඳහා වැඩි මුදලක් ගෙවීමට සිදුවන අතර ජීවන වියදම හමුවේ අසනීප නිවාඩු ලබා ගැනීම ද බරපතල තත්ත්වයක් වී ඇති බව සඳහන්.

මෙහිදි වෛද්‍ය සහතික ලබා ගැනීම සදහා වඩාත්ම ලාභදායී ක්‍රමය වන්නේ නොමිලේ උපදේශන සේවා සදහා යොමු වීමයි.

ඔස්ට්‍රේලියානු වෛද්‍ය සංගමය නිර්දේශ කරන මිනිත්තු හයක් සහ 20ක් අතර කාලයක් පවතින උපදේශන සායන සඳහා ඩොලර් 102ක් අය කරන අතර මෙඩිකෙයා කාඩ්පත් හිමියන්ට ඩොලර් 41.20ක වට්ටම් ගිමිවනු ඇති.

ඒ අනුව Medicare ලියාපදිංචි වූවන් සඳහා ඩොලර් 60ක ඉතිරියක් පවත්වාගෙන යෑමට අවස්ථාව හිමිවනවා.

මීට අමතරව ඖෂධවේදියෙකුගෙන් ද රැකියා ස්ථානය සඳහා ලබාදීමට වෛද්‍ය සහතිකයක් ලබා ගත හැකියි.

තව ද මාර්ගගත ක්‍රමවේද ඔස්සේ ද වෛද්‍ය සහතික ලබා ගත හැකි අතර ඒ වෙනුවෙන් ටෙලිහෙල්ත් සේවා සඳහා ලියාපදිංචි වීම සිදු කළ යුතුයි.

ඩොලර් 9ක් වැනි සුළු මුදලකින් ටෙලි හෙල්ත් සේවා මගින් වෛද්‍ය සහතික ලබා ගැනීමේ හැකියාව පවතිනවා

රෝගියාගේ රෝගී තත්ව සම්බන්ධයෙන් ලබා දිය යුතු සාක්ෂි පිළිබඳව දැඩි නීති රීති නොමැති අතර, සේවකයාට අසනීප හෝ රැකවරණ නිවාඩු සඳහා සත්‍ය වශයෙන්ම හිමිකම් ඇති බවට සාධාරණ සාක්ෂි ඉදිරිපත් කිරීම අනිවාර්‍ය වනු ඇති.

ලබාදෙන ප්‍රකාශ සම්බන්ධයෙන් ආයතන ප්‍රධානියාට ප්‍රශ්න කළ හැකි අතර අසත්‍ය හෝ නොමඟ යවන සුළු තොරතුරු සැපයීම බරපතල ප්‍රතිවිපාක ඇති කළ හැකි බවට අනතුරු ඇඟවීමක්ද කර තිබෙනවා.

උපුල් තරංගට වරෙන්තු

තරග පවාදීමේ සිදුවීමකට අදාළව සාක්ෂි ලබාදීමට අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන් ක්‍රිකට් තේරීම් කමිටු සභාපති, උපුල් තරංග ට මාතලේ මහාධිකරණය අද (08) වරෙන්තු නිකුත් කර තිබෙනවා

Read More »

Auslankatv Today’s Top Stories.2024.10.08

ඔස්ට්‍රේලියානුවන් සතුටින්ම කරන රැකියා ගැන අනාවරණයක් මාරාන්තික කුරුලු උණ ගැන වික්ටෝරියා ගොවීන්ගෙන් හදිසි අනතුරු ඇඟවීමක් $2000කට මුහුණේ රැළි ඉවත් කරන්න ඔස්ට්‍රේලියාවේදී අවස්ථාව ප්‍රාන්ත දෙකකට දරුණු

Read More »

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන බැංකුවක් පොලී අනුපාත අඩු කරයි

පවතින ජීවන වියදම් අර්බුදය මධ්‍යයේ මෙරට දැවැන්ත බැංකු හතරෙන් එකක් වන නැෂනල් ඔස්ට්‍රේලියා බැංකුව (NAB) විසින් ස්ථාවර පොලී අනුපාත (fixed interest rates) අඩු කිරීමට තීරණය කර තිබෙනවා.

Read More »

$2000කට මුහුණේ රැළි ඉවත් කරන්න ඔස්ට්‍රේලියාවේදී අවස්ථාව

වැඩිහිටි වියට පැමිණීමත් සමග මුහුණේ සම මත හට ගන්නා රැළි සම්පූර්ණයෙන් ඉවත් කිරීමේ නව ක්‍රමවේදයක් ඔස්ට්‍රේලියාවේ දී හඳුන්වා දීමට පියවර ගෙන තිබෙනවා.

Read More »