ඔස්ට්‍රේලියාවේ ජාතික ගුවන් සමාගම වන ක්වන්ටාස් සමාගම තම සේවකයෙකුගේ සිත් රිදීමක් වෙනුවෙන් වන්දි ලබා දීමට පියවර ගෙන තිබෙනවා.
කොවිඩ් වසංගත කාලසීමාවේ මුල් අවධියේදී චීනයෙන් පැමිණෙන ගුවන් යානා පිරිසිදු කිරීම් හා සම්බන්ධ නීති කඩ කිරීම හේතුවෙනුයි ඔහුට එරෙහිව චෝදනා මතුව තිබී ඇත්තේ.
සිද්ධියෙන් පසු සිත් රීදිමට පත් සේවකයාට සිදු වූ අගතිය හා රැකියා අහිමිවීම සම්බන්ධයෙන් වන්දි ලබා දෙන ලෙස අධිකරණය ක්වන්ටාස් සමාගමට නියෝග ලබා දී තිබෙනවා.
සේවා ස්ථානවල සෞඛ්‍ය සහ ආරක්ෂක නීති කඩ කිරීම එරෙහිව මෙම ක්වන්ටාස් නිලධාරියාගේ සේවය අත්හිටුවීමට පියවර ගෙන තිබුණා.
ඒ අනුව 2020 වසරේ පෙබරවාරි මාස ඔහු සිය සේවයෙන් සේවයෙන් ඉවත්ව ඇති බවයි වාර්තා වන්නේ.
සිද්ධියෙන් අනතුරුව ඔහු නිව් සවුත් වේල්ස් දිස්ත්‍රික් උසාවියේ මේ සම්බන්ධයෙන් නඩුවක් ගොනු ර ඇති අතර පසුගියදා එහි තීන්දුව ප්‍රකාශයට පත් කරමින් සඳහන් කෙරුණේ අගතියට පත් පුද්ගලයාට ක්වන්ටාස් සමාගම වන්දි ලබා දිය යුතු බවයි.
ඔහුට සිදුවූ ආර්ථික අලාභය වෙනුවෙන් ඩොලර් 6000ක් ගෙවීමට ක්වාන්ටාස් එකඟ වූ අතර සිත් රිදවීම සහ නින්දාව, වෙනුවෙන් තවත් ඩොලර් 15000ක් ගෙවීමටත් ක්වන්ටාස් සමාගමට නියම වී තිබෙනවා.
සේවා ස්ථාන ආරක්ෂණ රෙගුලාසි උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ප්‍රධාන ගුවන් සමාගමක් අපරාධ නඩු විභාගයකට මුහුණ දුන් පළමු අවස්ථාව මෙයයි.
ක්වන්ටාස් සිය සේවකයින්ගේ සෞඛ්‍යය සහ ආරක්ෂාවට වඩා එහි වාණිජ සහ මෙහෙයුම් අවශ්‍යතා සඳහා ප්‍රමුඛත්වය දීම හේතුවෙන් මෙය සිදු වූ බව අධිකරණය හමුවේ කරුණු දක්වමින් සේවකයා ප්‍රකාශ කර තිබෙනවා.