
සමාජ මාධ්‍ය ඔස්සේ හමුවූ කාන්තාවන්ට ලිංගිකව සම්ප්‍රේෂණය වන ආසාදනයක් පැතිරවූ බවට වන චෝදනා මත 24 හැවිරිදි තරුණයෙකු ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේදී පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකරු තමාට ලිංගාශ්‍රිත රෝග වැළඳී ඇති බව හෙළි නොකර 2022 වසරේ නොවැම්බර් සිට 2023 වසරේ ජූලි මාසය දක්වා කාන්තාවන් කිහිප දෙනෙකු සමඟ අනාරක්ෂිත ලිංගික සම්බන්ධතා පැවැත්වූ බවටයි චෝදනා එල්ල වී ඇත්තේ.
මෙම තරුණයා තමාට ඇති බරපතල රෝගය කාන්තාවන්ට සම්ප්‍රේෂණය කිරීමේ අදහසින් මෙලෙස හැසිරී ඇති බවට සැක කෙරෙනවා.

මැකේ ප්‍රදේශයේ පදිංචි ඔහු ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ කාන්තාවන් හමුවීමට සමාජ මාධ්‍ය යෙදුම් භාවිතා කර ඇති බවටයි හෙළිවී ඇත්තේ.
සැකකාර තරුණයා සම්බන්ධයෙන් එවැනි අත්දැකීමක් ඇති ඕනෑම කාන්තාවකට පැමිණ කරුණු දක්වන ලෙස පොලිසිය ඉල්ලා ඇතැයි සඳහන්.

බරපතල රෝග සම්ප්‍රේෂණය කිරීම අරමුණු කරගත් ක්‍රියා සහ සමීප ඡායාරූප හුවමාරු කර ගැනීම ඇතුලු චෝදනා දෙකක් 24 හැවිරිදි තරුණයාට එල්ල වී තිබෙනවා.
ඔහු මැකේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති අතර නඩුව ලබන මැයි 15 වනදා යළි විභාගයට ගැනීමට නියමිතයි.