
ඔස්ට්‍රේලියාවේ පාරිභෝගික මිල දර්ශකය පසුගිය මාස 12ක කාලසීමාව තුල සියයට 3.4කින් කින් ඉහළ ගොස් ඇති බව සංඛ්‍යාලේඛන කර්‍යංශය නිවේදනය කර තිබෙනවා.
පාරිභෝගික මිල අගය ඉහළ ගිය ද පසුගිය දෙසැම්බර් මාසයේ දී මෙන් වාර්ෂික උද්ධමන අනුපාතය ස්ථාවරව පවත්වා ගැනීමට හැකිවූ බවයි ෆෙඩරල් සංචිත බැංකුව සඳහන් කළේ.
කෙසේ වෙතත් ආර්ථික විද්‍යාඥයන් පුරෝකතනය කර ඇත්තේ පාරිභෝගික මිල දර්ශකය ජනවාරි මාස වන විට සියයට 3.6 දක්වා ඉහළ යනු ඇති බවයි

පවතින තත්ත්වය සමග ඉදිරි මාසවලදී පොලී අනුපාතිකය තවදුරටත් වැඩිවීමක් අපේක්ෂා නොකරන බව ආර්ථික විද්‍යාඥ ඩේවිඩ් බාසානීස් පවසනවා.
ඔස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශයේ මිල සංඛ්‍යාලේඛන ප්‍රධානියා සඳහන් කළේ ආහාර, නිවාස සහ රක්ෂණ මිල ඉහළ යෑම වත්මන් පාරිභෝගික මිල දර්ශකය වෙනස්වීම කෙරෙහි බලපා ඇති බවයි.

නිවාස මිල උද්ධමනය සියයට 4.6කින්ද ආහාර සහ මධ්‍යසාර නොවන පාන වර්ගවල උද්ධමන අගය සියයට 4.4කින්ද මධ්‍යසාර සහ දුම්කොළ උද්ධමන අගය සියයට 6.7කින් වැඩිව ඇති බව සඳහන්.
විශේෂයෙන් රක්ෂණ සහ මුල්‍ය සේවා අගය සැකලකිය යුතු ලෙස සියයට 8.2කින් ඉහල යෑම පිළිබඳ ආර්ථික විශේෂඥයින්ගේ වැඩි අවධානයට යොමුව තිබෙනවා.
ආහාර සහ මධ්‍යසාර නොවන පාන වර්ග සඳහා වාර්ෂික උද්ධමනය දෙසැම්බර් මාසයේ පැවති සියයට 4.0 අගය ජනවාරි මාසයේ දී සියයට 4.4 දක්වා වැඩිවීම විශේෂත්වයක්.
මස් සහ මුහුදු ආහාර සහ පළතුරු සහ එළවළු සාපේක්ෂව අඩු වාර්ෂික උද්ධමනයක් පෙන්නුම් කරන් ක්ෂේත්‍ර ලෙස දැක්වෙනවා.