Search

තාක්ෂණයෙන් ලොව හෙල්ලූ ජපානයට වෙන්න යන දේ ගැන ලෝකයේම අවධානයට

ජපානයේ නව උපත් අනුපාතය වාර්තා ගත ලෙස පහත වැටී ඇතැයි එරට සෞඛ්‍ය අංශ අනාවරණ කර තිබෙනවා.

උපදින ළදරුවන් සංඛ්‍යාව අඛණ්ඩව අටවැනි වසරටත් පහත වැටී ඇති අතර එම තත්වය මත ජපානයේ ජනගහනය 2070 වසර වන විට මිලියන 87ක් දක්වා සියයට 30කින් පමණ අඩු වනු ඇති බවටයි අනාවැකි පළ වන්නේ.

රජයේ දත්තවලට අනුව ජපානයේ උපත ලබන ළදරුවන් සංඛ්‍යාව පසුගිය 2023 වසරේ වාර්තාගත අවම මට්ටමක් දක්වා අඛණ්ඩව අටවන වසරටත් පහත වැටී තිබෙනවා.

2023 වසරේදී ජපානයේ ළදරුවන් 758,631ක් උපත ලබා ඇති අතර එය 2022 වසරට වඩා සියයට 5.1ක අඩුවීමක් බව සෞඛ්‍ය හා සුබසාධන අමාත්‍යාංශයේ දත්ත පෙන්වා දෙනවා.

ජපානය 1899 දී සංඛ්‍යාලේඛන සම්පාදනය කිරීමට ආරම්භ කිරීමෙන් පසු වාර්තා වූ අඩුම උපත් සංඛ්‍යාව එය ලෙසටයි සැලකෙන්නේ.

වසර 90කට පසු පළමු වතාවට විවාහ සංඛ්‍යාව 489,281ක් දක්වා සියයට 5.9කින් පහත වැටී ඇති අතර නව උපත් අඩුවීමට එය ප්‍රධාන හේතුවක් වී තිබෙනවා.

මාතෘ සම්ප්‍රදායක් මත පදනම් වූ පවුල් සාරධර්ම හේතුවෙන් ජපානයේ විවාහයෙන් පිටත සිදු වන දරු උපත් ඉතා දුර්ලභයි.

සමීක්ෂණවලින් පෙනී ගොස් ඇත්තේ බොහෝ තරුණ ජපන් ජාතිකයින් රැකියා වගකීම් හමුවේ විවාහ වීමට හෝ පවුල් සම්බන්ධතා ඇති කර ගැනීමට අධෛර්යමත් වන බවයි.

වැටුපට වඩා වේගයෙන් ඉහළ යන ජීවන වියදම සහ අඹු සැමියන් දෙදෙනාම සේවය කිරීම වැනි නොගැලපෙන ආයතනික සංස්කෘතීන් විවාහ නොවී සිටීමට ඔවුන් හේතුවක් කරගෙන තිබෙනවා.

2035 වසර වන විට ජපානයේ 760,000ට අඩු වාර්ෂික උපත් සංඛ්‍යාවක් සිදු වනු ඇතැයි පුරෝකථනය කර තිබුණ ද එය ඉතා වේගයෙන් සිදුවී ඇති බවයි හෙළිවී ඇත්තේ.

වර්තමානයේ මිලියන 125 කට වැඩි ජපානයේ ජනගහනය 2070 වන විට සියයට 30කින් මිලියන 87ක් දක්වා පහත වැටෙනු ඇතැයි පුරෝකථනය කර ඇති අතර, සෑම 10 දෙනෙකුගෙන් හතර දෙනෙකුම වයස අවුරුදු 65 හෝ ඊට වැඩි වනු ඇතැයි අපේක්ෂිතයි.

Just In : දේශබන්දු රිමාන්ඩ්

අද (19) පෙරවරුවේ මාතර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් වූ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් හෙට (20) දිනය දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

Read More »

හිටපු පොලිස්පති දේශබන්දු අධිකරණයට භාරවෙයි

2023 වසරේ මාතර, වැලිගම ප්‍රදේශයේ සිදුවු වෙඩිතැබීමට අදාළව වරෙන්තු ලබා සිටි හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මීට සුළු මොහොතකට පෙර මාතර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් වී තිබෙනවා.

Read More »