Search

අන්තර්ජාලය භාවිතා කරන ඔබ අයිතිවෙන්නේ කුමන කාණ්ඩයට ද බලන්න

ලොව පුරා වෙසෙන ජනතාව අතුරින් අන්තර්ජාලය භාවිත කරන පරිශීලකයින්ගේ දෛනික භාවිතයෙහි සාමාන්‍ය අගය පිළිබඳ නවතම අධ්‍යයනයක් සිදු කර තිබෙනවා.

ස්ටැටිස්ටික් ඩොට් කොම් (Statistic.com) වෙබ් අඩවිය විසින් ලොව පුරා සිටින අන්තර්ජාල පරිශීලකයින්ගේ සාමාන්‍ය භාවිත අගය ගණනය කර ඇති අතර එම අගය සටහන්ව ඇත්තේ පැය 6යි විනාඩි 40ක් ලෙසයි.

2023 වසරේ තුන්වන කාර්තුවට අදාළ දත්ත මගින් මෙම තොරතුරු එළිදක්වා ඇති අතර පෙර කාර්තුවට සාපේක්ෂව මෙහි සියයට 0.15ක අඩුවීමක් පැවතීම සුවිශේෂි කරුණක් ලෙස සදහන්.

මේ අනුව අන්තර්ජාල පරිශීලකයින් වැඩිම කාලයක් සමාජ මාධ්‍ය වෙත යොමු කරන අතර එහි සාමාන්‍ය කාලය සඳහන්ව ඇත්තේ පැය 2යි විනාඩි 23ක් ලෙසයි.

තවද online ක්‍රිඩාවල නිරතවීමේ සාමාන්‍ය අගය පැය 1යි විනාඩි 2ක් ලෙස සඳහන්ව ඇති අතර රේඩියෝවට සවන්දීම සඳහා විනාඩි 50ක සාමාන්‍ය අගයක් පෙන්නුම් කරන බව එම වාර්තා පෙන්වා දෙනවා.

මේ අතර සිංදු ඇසීම සඳහා ද සැලකිය යුතු කාලයක් පුද්ගලයින් වෙන් කරන අතර එහි සාමාන්‍ය අගය සටහන්ව ඇත්තේ පැයයි විනාඩි 25ක් ලෙසයි.

2023 වසරේදී ලොව පුරා අන්තර්ජාල භාවිතා කරන්නන් සංඛ්‍යාව බිලියන 5.3 ක් වූ අතර එයින් අදහස් වන්නේ ගෝලීය ජනගහනයෙන් තුනෙන් දෙකක් පමණ දැනට අන්තර්ජාල පද්ධතියට සම්බන්ධ වී ඇති බවයි.

ඔස්ට්‍රේලියානුවන්ගේ ජනප්‍රිය සංචාරක ගමනාන්ත කිහිපයක ගාස්තු වැඩි වෙයි

ඔස්ට්‍රේලියානුවන්ගේ ජනප්‍රිය සංචාරක ගමනාන්ත කිහිපයකදී වැය කිරීමට සිදුවන මුදල්වල විශාල වෙනස්කම් රැසක් සිදුවී ඇතැයි වාර්තා වනවා.

Read More »

තරුණ වෙන්න කැමති ඔස්ට්‍රේලියානුවන්ට අලුත් සොයා ගැනීමක්

වයස්ගත වීම වැළැක්වීම සහ තරුණ බව දීර්ඝ කාලයක් රැක ගැනීම සංචාර මගින් සිදු කළ හැකි බව ඔස්ට්‍රේලියාවේ නව අධ්‍යයනයකින් සොයාගෙන තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ සමාජ මාධ්‍ය සීමාවට බාධකයක්?

ඔස්ට්‍රේලියාවේ සමාජ මාධ්‍ය භාවිතයට හඳුන්වා දීමට යෝජිත වයස් සීමාවන් මගින් පමණක් තරුණ පරම්පරාවේ මානසික සෞඛ්‍ය ගැටළු විසඳීමට නොහැකි බව විශේෂඥයින් අනතුරු අඟවනවා.

Read More »