
ඔස්ට්‍රේලියාවේ වැඩකරන ජනතාවගේ සතිපතා වැටුප ඩොලර් 1888ක් දක්වා වර්ධනය වී තිබෙනවා.
ඔස්ට්‍රේලියා සංඛ්‍යාලේඛණ කාර්යාංශය සතිපතා වැටුප් සාමාන්‍ය සම්බන්ධයෙන් නිකුත් කළ නවතම වාර්තා අනුව 2009 වසරෙන් පසු වාර්තාවන ඉහලම වාර්ෂික වැටුප් වැඩිවීම 2023 වසරේ සිදු වූ බව සඳහන්.
පූර්ණ කාලීනව රැකියාවේ නියැලෙන වැඩිහිටි ඔස්ට්‍රේලියානුවන්ගේ වැටුප් දත්ත මත ඇස්තමේන්තුව සිදු කර ඇති අතර සංඛ්‍යාලේඛණ කාර්යාංශ විසින් පසුගිය නොවැම්බර් මස තොරතුරු පදනම් කර ගිනිමින් මෙම දත්ත නිකුත් කර තිබෙනවා.

ඔස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛණ කාර්යාංශයේ කම්කරු සංඛ්‍යා ලේඛන අංශයේ ප්‍රධානියා පෙන්වා දෙන්නේ මෙය වාර්ෂිකව සියයට 4.5ක වැටුප් වැඩිවීමක් ලෙසයි.
මෙහිදී පුද්ගලික අංශයේ වැටුප් වැඩිවීම සියයට 4.4ක් වන අතර රාජ්‍ය අංශයේ වැටුප් වැඩිවීම සියයට 4.9ක් ලෙස සඳහන් කර තිබෙනවා.

මෙම දත්ත මත පදනම්ව ස්ත්‍රී පුරුෂ වැටුප් පරතරයේ කැපීපෙනෙන වෙනස් කම් සිදුවෙමින් පවතින අතර රාජ්‍ය අංශයේ රැකියාවල නිරත වන පිරිමි පුද්ගලයින්ගේ සතිපතා වැටුපෙහි සාමාන්‍ය අගය 2183.30ක් වනවා.
රාජ්‍ය අංශයේ සේවයේ නියුතු කාන්තාවගේ සතියක වැටුපෙහි සාමාන්‍ය ඩොලර් 1956.80ක් ලෙසයි වාර්තා වන්නේ.
පෞද්ගලික අංශයේ සේවයේ නියුතු කාන්තාවන්ගේ සතිපතා වැටුපෙහි සාමාන්‍ය අගය ඩොලර් 1658.30ක් වන අතර පුද්ගලික අංශයේ සේවයේ නියුතු පිරිමි පුද්ගලයින්ගේ සතිපතා වැටුප සඳහන්ව ඇත්තේ ඩොලර් 1946.90ක් ලෙසයි.
මෙහිදී අවම වැටුප් ලබන ක්ෂේත්‍රයන් ලෙස නවාතැන් සහ ආහාර සේවා අංශය මෙන්ම සිල්ලර වෙළඳාම් ක්ෂේත්‍ර වාර්තා කරන අතර පතල් කර්මාන්තය, මාධ්‍ය හා සන්නිවේදන අංශ ,විද්‍යාත්මක සහ තාක්ෂණික සේවා අංශය ඔස්ට්‍රේලියාවේ ඉහළ වැටුප් ලබන අංශ ලෙසයි සංඛ්‍යාලේඛන කාර්‍යංශය පෙන්වා දෙන්නේ.