
ගූගල් සමාගම විසින් Gmail සේවාව නවතා දමන බවට පළ වූ පුවත සම්බන්ධයෙන් එම සමාගම විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ලබන අගෝස්තු මස පළමු වනදා සිට Gmail සේවාව නතර කිරීමට ගූගල් සමාගම කටයුතු කරන බවටයි පසුගිය සමයේ තොරතුරු වාර්තා වී තිබුණේ.
මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් එම සමාගම පවසන්නේ අදාළ තොරතුරු අසත්‍ය බවයි.

ජීමේල් ඉස් හියර් ටු ස්ටේ (“Gmail is here to stay”) යනුවෙන් ගූගල් සමාගම සිය නිල ට්විටර් ගිණුමේ සටහනක් ද තබා තිබෙනවා.
ලොව පුරා මිලියන ගණනක් සම්බන්ධව ඇති අන්තර්ජාල යෙදවුමක් වන Google සමාගම කිසිදු බාධාවකින් තොරව email සන්නිවේදන කටයුතු සක්‍රීයව සහ අඛණ්ඩව සිදු කරන බව එම නිවේදනයේ සඳහන්.

2024 අගෝස්තු 1 වැනිදා සිට Gmail සේවාව නවතා දමන බවට පළවු ව්‍යාජ පුවත නිකුත්වී සුලු මොහොතකින් මිලියන 1 කට වඩා වැඩි ගණනක් එය නරඹා ඇති බවයි වාර්තා වන්නේ.
අදාළ පුවත සම්පූර්ණයෙන් අසත්‍ය වන අතර කිසිදු බාධාවකින් තොරව email පහසුකම් අඛණ්ඩව පවත්වාගැනීමට පාරිශීලකයින්ට අවස්ථාව හිමිවන බව නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.