Search

අනතුරකට අත වනන මෝටර් රථ 28,000ක් ගැන තීරණයක් ගනී

ටොයෝටා මෝටර් රථ සමාගම විසින් අලෙවි කරනු ලැබූ මෝටර් රථ 28,000කට වැඩි ප්‍රමාණයක් යළි කැඳවිමට පියවර ගෙන තිබෙනවා.

සමාගම ප්‍රකාශ කර ඇත්තේ අනතුරකින් බරපතල තුවාල හෝ මරණයට පත්වීමේ අවදානමක් ඇති ලෑන්ඩ්කෲසර් වර්ගයේ එස් යූ වී රථ (Landcruiser SUV) මෙලෙස නැවත කැඳවීමට පියවර ගත් බවයි.

තිරිංග යෙදීමේදී ඇති විය හැකි වාහනයේ අනපේක්ෂිත චලනයක් හේතුවෙන් එහි ගමන් කරන්නන් සහ මාර්ග භාවිතා කරන වෙනත් පුද්ගලයන්ට එමගින් අනතුරක අවදානම වැඩි බව සමාගම සඳහන් කර තිබෙනවා.

මෙම බලපෑමට ලක් වූ මෝටර් රථ 2021 – 2024 අතර කාල සීමාව තුල නිපදවා ඇතැයි සඳහන්.

බලපෑමට ලක් වූ වාහනවල හිමිකරුවන් Toyota සමාගම විසින් සම්බන්ධ කර ගැනීමට නියමිත අතර ඔවුන්ගේ වෙබ් අඩවියට පිවිසීමෙන් ද ඒ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු ලබා ගැනීමට හැකියි.

එවිට ඔවුන්ට අදාළ දෝෂ නොමිලේ අලුත්වැඩියා කර ගැනීමට ද අවස්ථාව පවතින බවයි ටොයෝටා සමාගම ප්‍රකාශ කර ඇත්තේ.

Toyota Model Landcruiser 300 (FJA300), Tundra (VXKH75)Variants, Landcruiser Wagon GR-S, Landcruiser Wagon GX, Landcruiser Wagon GXL, Landcruiser Wagon Sahara, Landcruiser Wagon Sahara ZX, Landcruiser Wagon VX මෙම වාහනවලට අයත්.

1800 987 366 යන අංකයට ඇමතීමෙන් හෝ [email protected] යන ඊමේල් ලිපිනය ඔස්සේ හෝ ටොයෝටා සමාගමේ වෙබ් අඩවියට පිවිසීමෙන් තොරතුරු ලබා ගැනීමට හැකියි.

ඔස්ට්‍රේලියාවේ Childcare ආයතනවල අක්‍රමිකතා ගැන විමර්ශන මාලාවක්

Childcare ක්ෂේත්‍රය සම්බන්ධයෙන් පූර්ණ ස්වාධීන පාර්ලිමේන්තු විමර්ශනයක් පැවැත්වීමට නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත රජය තීරණය කර තිබෙනවා.

Read More »

ලබන සතියේ ෆෙඩරල් අයවැයෙන් වෙනස් වන නිවාස නීති මෙන්න

ලබන සතියේ ඉදිරිපත් කෙරෙන ෆෙඩරල් අයවැයට නිවාස මිලදී ගැනීම් සම්බන්ධයෙන් නීති රැසක් ඇතුලත් කිරීමට පාලක කම්කරු පක්ෂය තීරණය කර තිබෙනවා.

Read More »