Google සමාගමෙන් ඔස්ට්‍රේලියාවට අනතුරු ඇඟවීමක්!

Google සමාගමෙන් ඔස්ට්‍රේලියාවට අනතුරු ඇඟවීමක්!

ප්‍රවෘත්ති පළ කරන සමාගම්වලට Google සහ Facebook වැනි සමාගම් කර්තෘ භාගය ගෙවිය යුතු බවට ඔස්ට්‍රේලියානු රජය‌ විසින් නීතියක් ගෙන ඒමට සූදානම් වෙමින් සිටී.

මෙම නීතිය ක්‍රියාත්මක කළහොත් එවැනි නීතියක් ක්‍රියාත්මක කළ ලොව පළමු රට බවට ඔස්ට්‍රේලියාව පත් වනු ඇති.

මේ හේතුවෙන් ගූගල් සමාගම ඔස්ට්‍රේලියාවට අනතුරු ඇඟවීමක් කර තිබෙනවා. එහෙත් ඊට විරෝධය පළ කරන අදාළ ඇමෙරිකානු සමාගම් අනතුරු අඟවා ඇත්තේ, සිය ඇතැම් සේවා ඔස්ට්‍රේලියාව තුළ අත්හිටුවන බවයි.

කෙසේ වෙතත්, සිය පාර්ලිමේන්තු නියෝජිතයින් ‘තර්ජනවලට’ බිය නැතැයි ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන් පවසා තිබේ.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔස්ට්‍රේලියාවේ ගූගල් ආයතනයේ කළමනාකාර අධ්‍යක්ෂ මෙල් සිල්වා පැවසුවේ, අදාළ නීති ප්‍රායෝගිකව ක්‍රියාත්මක කළ නොහැකි ඒවා බවයි.

මෙම නීතිය ක්‍රියාත්මක කළහොත් ඔස්ට්‍රේලියාව තුළ ගූගල් සෙවුම් යාන්ත්‍රණය (Google Search) නතර කරනවා හැර වෙනත් විකල්පයක් නොමැති බවයි ඇය වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

දුම්වැටි අලෙවි කරන්න බලපත්‍ර ක්‍රමයක්

සිල්ලර වෙළඳුන්ට දුම්වැටි අලෙවි කිරීම සඳහා බලපත්‍රයක් ලබා ගත යුතු වන නව ක්‍රමයක් වික්ටෝරියා ප්‍රාන්තය විසින් හඳුන්වා දීමට සැලසුම් කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාව සහ සිංගප්පූරුව සම්බන්ධ කරන්න නව ගුවන් ගමනක්

Jetstar Asia විසින් බටහිර ඔස්ට්‍රේලියානු සංචාරක නගරයක් වන බෲම් (Broome) සිට සිංගප්පූරුව දක්වා සහනදායී ගාස්තු සහිත සෘජු ගුවන් ගමන් සේවාවක් ආරම්භ කිරීමට තීරණයක් ගෙන තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ පශු කර්මාන්තයට අවදානමක් ?

ඇමරිකා එක්සත් ජනපදයේ කිරි ගවයින් තුළ දක්නට ලැබෙන කුරුළු උණ ඔස්ට්‍රේලියාවේ පශු කර්මාන්තයට බලපෑමේ අවදානමක් ඇති විය හැකි බවට කනස්සල්ලක් මතුවී තිබෙනවා.

Read More »