Search

ඔස්ට්‍රේලියාවට එන ශිෂ්‍ය වීසා ප්‍රතික්ෂේප වෙන හැටි

ඔස්ට්‍රේලියාවේ නව සංක්‍රමණ ප්‍රතිසංස්කරණ යටතේ ඔස්ට්‍රේලියාවට යොමු කරන සෑම ජාත්‍යන්තර ශිෂ්‍ය වීසා අයදුම්පත් 5කින් 1ක් ප්‍රතික්ෂේප වන බව හෙළිව තිබෙනවා.

මෙම තත්වය මත දකුණු ආසියාතික රටවල ශිෂ්‍ය වීසා අයදුම්කරුවන්ට දැඩි බලපෑමක් සිදු වන බවයි වාර්තා වන්නේ.

ඔස්ට්‍රේලියාවේ වාර්ෂිකව ඩොලර් බිලියන 30ක පමණ විදේශ විනිමයක් උපයන ප්‍රධාන මාර්ගයක් ලෙසයි ස්ටුඩන්ට් වීසා (Student visa) හැඳින්වෙන්නේ.

කෙසේ වෙතත් කොවිඩ් 19 වසංගතයෙන් පසු දකුණු ආසියාතික කලාපයේ රටවල් මුහුණදුන් ආර්ථික පීඩනය සමග ඔස්ට්‍රේලියාවට ලැබී තිබූ Student Visa අයදුම්පත් සංඛ්‍යාව වැඩි වී තිබුණා.

2018-2019 මූල්‍ය වසරවලට අදාළව මෙරටට ලැබුණු Student වීසා අයදුම්පත් සංඛ්‍යාව දළ වශයෙන් 289,000ක් වන අතර 2022-23 මූල්‍ය වර්ශය තුල එලෙස ලැබුණු අයදුම් පත් සංඛ්‍යාව 423,675 බව සඳහන්.

Student Visa අයදුම්පත් සංඛ්‍යාව දෙගුණයකට ආසන්න අගයකින් වැඩිවීම හේතුවෙන් මෙලෙස අයදුම්පත් ප්‍රතික්ෂේප වීම කෙරෙහි බලපා තිබෙනවා.

එනම් 2018-2019 කාල සීමාව තුල Student Visa අයදුම්පත් සියයට 90ක් පමණ අනුමත වුවද එම අගය පසුගිය මුල්‍ය වර්ෂයේදී සටහන්ව ඇත්තේ 81.3ක් ලෙසටයි.

මේ පිළිබඳ අදහස් දක්වමින් Student visa උපදේශකයින් පෙන්වා දෙන්නේ වත්මන් මූල්‍ය වර්ෂය තුළදී ද Student Visa අයදුම්පත් ප්‍රතික්ශේප වීමේ අගය ඉහළ යනු ඇති බවයි.

ඔස්ට්‍රේලියාවේ Childcare ආයතනවල අක්‍රමිකතා ගැන විමර්ශන මාලාවක්

Childcare ක්ෂේත්‍රය සම්බන්ධයෙන් පූර්ණ ස්වාධීන පාර්ලිමේන්තු විමර්ශනයක් පැවැත්වීමට නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත රජය තීරණය කර තිබෙනවා.

Read More »

ලබන සතියේ ෆෙඩරල් අයවැයෙන් වෙනස් වන නිවාස නීති මෙන්න

ලබන සතියේ ඉදිරිපත් කෙරෙන ෆෙඩරල් අයවැයට නිවාස මිලදී ගැනීම් සම්බන්ධයෙන් නීති රැසක් ඇතුලත් කිරීමට පාලක කම්කරු පක්ෂය තීරණය කර තිබෙනවා.

Read More »