
ජීවන අර්බුදයත් සමග පීඩා විඳින ඔස්ට්‍රේලියානුවන් සදහා වූල්වර්ත් (Woolworth) සුපිරි වෙළඳසැල මගින් මෙතක් ලබා නොදුන් ඇදහිය නොහැකි වට්ටම් ලබා දීමට පාලනාධිකාරිය පියවර ගෙන තිබෙනවා.
ඒ අනුව වහාම ක්‍රියාත්මක වන පරිදි Woolworth හි මිලකරණය පිළිබඳ නිවේදනයක් නිකුත් කරමින් වඩාත් ජනප්‍රිය පාරිභෝගික භාණ්ඩ රැසක මිල සංශෝධනය කිරීමටයි පියවර ගෙන ඇත්තේ.
මෙලෙස මිල අඩු කිරීම පුදුම සහගත පියවරක් බවට පාරිභෝගිකයින්ද විශ්මයට පත්ව ඇති අතර භාණ්ඩ 400 කට වැඩි ගණනක මිල සාමාන්‍යයෙන් සියයට 18කින් අඩු කර ඇති බව සඳහන්.

ඒ අනුව අද සිට මස්, චීස්, හැම්, පළතුරු, එළවළු ආදිය මිලදී ගැනීමේදි විශාල මිල අඩු කිරීම් සහිත වට්ටම් ලබාදීමටයි පියවර ගෙන තිබෙනවා.
වට්ටම් ලබා දෙන මුවාවෙන් පාරිභෝගිකයින්ගෙන් වැඩි මුදල් සුපිරි වෙළදසැල් විසින් අය කර ගන්නා බවට මතුවූ චෝදනා සමග Woolworth නව වට්ටම් හා මිල ගණන් නිවැරදිව සටහන් කිරීමට ද පියවර ගෙන තිබුණා.

ඇතැම් භාණ්ඩ සඳහා සියයට 30ක මිල අඩු කිරීමක් පෙන්නුම් කරන අතර පාරිභෝගිකයින්ට අත්‍යවශ්‍ය මෙන්ම ජනප්‍රිය භාණ්ඩ හා ආහාර සහනදායි වට්ටම් අනුව ලබා ගත හැකියි.
විශේෂයෙන් කුඩා ළමුන්ගේ ආහාර සදහා විශේෂ වට්ටම් ගිමිවනු ඇති.
මෙලෙස මිල ගණන් අඩු කර ඇති ආහාර සහ භාණ්ඩ පිලිබද තොරතුරු Woolworth වෙබ් අඩවියට පිවිසීමෙන් ලබා ගත හැකියි.