කඳවුරේ සිටි අශ්වයන් දෙදෙනෙකුගෙන් දරුවන්ගේ කුසගින්න නිවූ දෙමව්පියෝ

ගාසා තීරයේ උග්‍ර ආහාර හිඟයක් ඇති වී තිබෙන බව පලස්තීන මාධ්‍ය වාර්තා පවසනවා.

ගාසා තීරයේ ජබලියා සරණාගත කඳවුරේ ප්‍රමාණවත් තරම් ආහාර නොමැති බවයි එම මාධ්‍ය වාර්තා කළේ.

ඒ අනුව එහි සිටි අශ්වයන් දෙදෙනෙකු ඝාතනය කර සිය දරුවන්ගේ කුසගින්න නිවීමට දෙමාපියන් පෙළඹී ඇති බව ද සඳහන්.

තම දරුවන් කුසගින්නේ මියයාමට නොදී බේරා ගැනීමට වෙන විකල්පයක් නොතිබූ බවට ද එම දෙමාපියන් ප්‍රකාශ කර තිබෙනවා.

තමන්ට කුසගින්නේ සිටිය හැකි වුවද කුඩා දරුවන්ට කුසගින්නේ සිටිමට නොහැකි බව පෙන්වා දුන්නේ ඔවුන් සඳහන් කර ඇත්තේ වයස අවුරුදු 4 – 5 වයස්වල පසුවන සිය කුඩා දරුවන් කුසගින්නේ නින්දට ගොස් කුසගින්නේ අවදිවනු දැකීම දෙමාපියන් වශයෙන් දරාගත නොහැකි බවයි.

උතුරු ගාසා තීරයේ මාස දෙකක් පමණ වයසැති පලස්තීන ජාතික බිළිඳකු ප්‍රමාණවත් ආහාරයක් නොලැබීම හේතුවෙන් ශරීරය දුර්වල වී මියගොස් තිබෙනවා.

මේ අතර ඊශ්‍රාලය – පලස්තීන යුද ගැටුම් හේතුවෙන් සිදුවන ළමා මරණ තවදුරටත් ඉහළ යා හැකි බවටයි එක්සත් ජාතීන්ගේ සංවිධානය අනතුරු අඟවා ඇත්තේ.

ඉරානයේ ප්‍රහාරයට ඊශ්‍රායලයෙන් ප්‍රති ප්‍රහාරයක්

ඉරානයේ න්‍යෂ්ටික බලාගාර කිහිපයක්ම ඇති නගරයකට ඊශ්‍රායලය විසින් මිසයිල ප්‍රහාරයක් එල්ලකර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

Read More »

රුසියාවේ ආක්‍රමණයට එරෙහිව ඔස්ට්‍රේලියාවෙන් යුක්රේනයට සහනයක්

රුසියාව විසින් යුක්‍රේනය ආක්‍රමණය කිරීමට විරෝධය දැක්වීමේ පියවරක් ලෙස ඔස්ට්‍රේලියානු රජය යුක්රේන භාණ්ඩ සඳහා තීරු බදු සහන දීර්ඝ කිරීමට තීරණය කර තිබෙනවා.

Read More »

නාසා ආයතනයේ අඟහරු මෙහෙයුමට ශ්‍රී ලාංකික තරුණියක්

අඟහරු ලෝකයේ වාසස්ථානයක් අනුකරණය කරමින් අමෙරිකාවේ හූස්ටන්හි ජොන්සන් අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සිදුකෙරෙන මෙහෙයුමකට නාසා (NASA) ආයතනය ශ්‍රී ලාංකිකයකු ද තෝරාගෙන තිබෙනවා.

Read More »