මීයෙක් නිසා ඇරඹුණු ශ්‍රී ලන්කන් ගුවන් ගමන් ප්‍රමාදයට විසඳුමක් ලැබෙන දිනය මෙන්න

ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ ගුවන් ගමන් ප්‍රමාදය සහ අවලංගු වීම් යථා තත්ත්වයට පත්වීමට තවත් දින 5ක් පමණ ගත වනු ඇති බව එම සමාගම පවසනවා.

ඊයේ ගමන් වාර 10කට වැඩි ප්‍රමාණයක් ප්‍රමාද වූ අතර තවත් ගුවන් ගමන්වාර තුනක් අවලංගු කිරීමට සිදු වූ බවයි සමාගමේ බලධාරීන් සඳහන් කළේ.

පසුගිය ඉරිදා මෙලෙස ගුවන් ගමන් 4ක් ප්‍රමාද වීම හේතුවෙන් කටුනායක ගුවන් තොටුපොල තුළ නොසන්සුන්තාවක් ද වාර්තා වී තිබුණා.

අපහසුතාවට පත්වූ ගුවන් මගීන්ගෙන් ගුවන්තොටුපොළ කාර්ය මණ්ඩල සේවකයින්ට දෝෂාරෝපණ එල්ල වූ අතර යානයක මීයෙකු සිටීම එම ගුවන් ගමන් ප්‍රමාදයට බලපෑ බවයි විෂයභාර ඇමතිගේ ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාවේදී අනාවරණ වී ඇත්තේ.

එම ප්‍රවෘත්ති සාකච්ඡාවේ දී ශ්‍රී ලංකන් සභාපතිවරයා පැවසුවේ අර්බුදයට ප්‍රධාන හේතුව ගුවන් සමාගම සතුව ප්‍රමාණවත් ගුවන්යානා නොමැතිවීම බවයි.

මෙම තත්ත්වය මත ඊයේ උදෑසන චෙන්නායි, ජකර්තා, ක්වාලාලම්පූර් සහ ඩකා නුවර දක්වා ගමන් කිරීමට නියමිතව තිබූ ගුවන් ගමන් වාර ප්‍රමාදවී ක්‍රියාත්මකවූ බව සඳහන්.

එමෙන්ම ඊයේ පස්වරුවේ ගමන් කිරීමට නියමිතව තිබූ රියාද්, සෝල්, මාලේ, ඩුබායි සහ කුවේට් යන ගුවන් ගමන් ද ප්‍රමාද වී තිබෙනවා.

ඊයේ දිනට නියමිතව තිබූ චෙන්නායි, බැංගලෝර් සහ අබුඩාඩි යන ගමන් අවලංගු කිරීමටයි පියවර ගැනුණේ.

මේ අතර ගුවන් ගමන් ප්‍රමාදය හේතුවෙන් කටුනායක ගුවන්තොටුපොළේ ඇතිවන අර්බුදකාරී තත්ත්වය පාලනයට විකල්ප සැලැස්මක් ක්‍රියාත්මක කරන බව ගුවන්තොටුපොළ සහ ගුවන්සේවා සමාගමේ සභාපති ඉන්ජිනේරු අතුල ගල්කැටිය ප්‍රකාශ කළා.

ඉලොන් මස්ක්ට බලපෑම් නොකර අධිකරණයට යාමට ඔස්ට්‍රේලියාව සූදානමින්

සිඩ්නි දේවස්ථානයක සිදු වූ පිහි ප්‍රහාරයට සම්බන්ධ වීඩියෝ ඉවත් කරන්නැයි කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීමෙන් පසු ඉලොන් මස්ක් වෙත තවදුරටත් බලපෑම් කිරීමට නොයන බව ඔස්ට්‍රේලියා රජය ප්‍රකාශයට පත් කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ පුරප්පාඩු පිරවීමට ගුරු උපාධි අපේක්ෂකයින්ට ඩොලර් 40000ක ශිෂ්‍යත්ව

රට පුරා පවතින ගුරු පුරප්පාඩු පිරවීමේ අරමුණින් ගුරු උපාධි අපේක්ෂකයින් සදහා ඩොලර් 40000ක ශිෂ්‍යත්ව ලබා දීමට ෆෙඩරල් රජය පියවර ගෙන තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ ඉල්ලීමක් ට්විටර් ප්‍රතික්ෂේප කරයි

සිඩ්නි දේවස්ථානයකදී සිදු වූ පිහි ඇනුම සම්බන්ධ වීඩියෝ සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු විම වැළැක්වීමට කටයුතු කරන ලෙසට බලධාරීන් ට්විටර් ඇතුලු සමාජ මාධ්‍ය ප්‍රධානීන්ගෙන් ඔස්ට්‍රේලියා ඊ සේෆ්ටි කොමසාරිස්වරයා ඉල්ලීමක් කර තිබෙනවා.

Read More »

රෝගියෙකුට කොවිඩ් ආසාදිතව සිටි දීර්ඝතම කාලය වාර්තා වෙයි

කොවිඩ් වෛරසය ආසාධනය වී දින 613ක්, එනම් වසරකුත් මාස 8ක පමණ කාලයක් ගතවී ඇතත් සුවය නොලැබූ පුද්ගලයෙක් පිළිබඳ නෙදර්ලන්තයෙන් වාර්තාවී තිබෙනවා.

Read More »

ඊශ්‍රායලයට උපරිම මට්ටමින් ප්‍රතිචාර දක්වන්න ඉරානයෙන් සැලසුම්

ගැටුම් නතර කර සන්සුන් වන ලෙසට ලෝකයම ඉල්ලා සිටින අවස්ථාවක ඊශ්‍රායලය ඊට එරෙහිව ක්‍රියා කළහොත් තම උපරිම මට්ටමින් ප්‍රතිචාර දක්වන බව ඉරානය අවධාරණය කරනවා.

Read More »