Search

පැතිර යන රෝගයක් නිසා සෞඛ්‍ය අනතුරු ඇඟවීමක්

රෝහල් හදිසි ප්‍රතිකාර අංශයකදී කුඩා දරුවෙකුට සරම්ප වැළඳී ඇති බව තහවුරු වීමෙන් පසුව නිව් සවුත්වේල්ස් ප්‍රාන්ත සෞඛ්‍ය අංශ විසින් බටහිර සිඩ්නි ප්‍රදේශයට සරම්ප අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.

සරම්ප රෝගය පැතිරී ඇති දකුණු ආසියාවේ රටක සිට මෑතකදී පැමිණි, එන්නත් කිරීමට තරම් වයසක් නොමැති බිලිඳෙක් මෙලෙස සරම්ප අසදිතයෙක් ලෙසට හඳුනාගෙන ඇති බව සඳහන්.

පසුගිය සිකුරාදා උදෑසන 9.30 සිට සවස 3 දක්වා බ්ලැක්ටවුන් රෝහලේ හදිසි ප්‍රතිකාර අංශයේ සිටි පුද්ගලයන් මෙම රෝගයට නිරාවරණය වන්නට ඇති බවටයි දැනුම් දෙන්නේ.

බටහිර සිඩ්නි ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය අධ්‍යක්ෂ කැතරින් බැට්මන් පැවසුවේ එම කාලය තුළ රෝහලේ සිටි අය රෝග ලක්ෂණ පිළිබඳව විමසිල්ලෙන් සිටීම වැදගත් බවයි.

සරම්ප රෝග ලක්ෂණ වන්නේ උණ, නාසයෙන් දියර ගැලීම, ඇස්වල වේදනාව සහ කැස්ස, සාමාන්‍යයෙන් දින තුනක් හෝ හතරකට පසුව හිසේ සිට ශරීරයේ අනෙකුත් කොටස් දක්වා පැතිරෙන රතු ලප මෙන්ම කැසීම් තත්වයක්.

සරම්ප යනු එන්නත් මගින් වැළැක්විය හැකි රෝගයක් වන අතර එය කැස්ස හෝ කිවිසුම් යන විට වාතය හරහා පැතිර යාමක් සිදුවන බව සඳහන්.

සරම්ප රෝගයට නිරාවරණය වීමෙන් දින හතත් 18ත් අතර කාලය තුළ රෝග ලක්ෂණ මතු විය හැකි බැවින් සුපරීක්ෂාකාරීව සිටීම වැදගත් වන අතර, රෝග ලක්ෂණ මතු වුවහොත්, සුදුසුකම් ඇති වෛද්‍යවරයෙක් හෝ හදිසි අනතුරු අංශය අමතන ලෙසට දැනුම් දෙනවා.

ලෝකයේ ප්‍රදේශ කිහිපයක සරම්ප පැතිරීම සිදුවෙමින් පවතින බැවින් විදේශ සංචාරවලට පෙර සරම්ප එන්නත් ලබාගෙන තිබීම ද වැදගත් වන බවයි සෞඛ්‍ය අංශ සඳහන් කළේ.

ඔස්ට්‍රේලියාවේ Childcare ආයතනවල අක්‍රමිකතා ගැන විමර්ශන මාලාවක්

Childcare ක්ෂේත්‍රය සම්බන්ධයෙන් පූර්ණ ස්වාධීන පාර්ලිමේන්තු විමර්ශනයක් පැවැත්වීමට නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත රජය තීරණය කර තිබෙනවා.

Read More »

ලබන සතියේ ෆෙඩරල් අයවැයෙන් වෙනස් වන නිවාස නීති මෙන්න

ලබන සතියේ ඉදිරිපත් කෙරෙන ෆෙඩරල් අයවැයට නිවාස මිලදී ගැනීම් සම්බන්ධයෙන් නීති රැසක් ඇතුලත් කිරීමට පාලක කම්කරු පක්ෂය තීරණය කර තිබෙනවා.

Read More »