වික්ටෝරියානුවන් නිවාස අතහැර යද්දී ගිනි නිවන අංශ සීරුවෙන්

වසර ගණනාවකට පසු වික්ටෝරියා ප්‍රාන්තයේ දරුණුතම ලැව් ගිනි තත්ත්වය අද දිනයේ ඇති විය හැකි බවට අනතුරු අඟවා තිබෙනවා.

මෙම අවදානම් දිනය සඳහා සූදානම් වන ලෙසටයි සතියක පමණ කාලයක ප්‍රාන්ත බලධාරීන් ජනතාවට දැනුම්දී තිබුණේ.

වසර හතරකට පසු ප්‍රාන්තයේ දරුණුතම ලැව්ගිනි තත්වය අද වනු ඇති බවට අනාවැකි පලවී ඇති අතර එම තත්ත්වයට මුහුණ දීම සඳහා විශාල පිරිසක් අවදානම් ප්‍රදේශවලින් ඉවත් වෙමින් සිටිනවා.

ඉදිරි පැය කිහිපය තුළ ගිනි අවදානම් කලාපවල වෙසෙන 30,000කට වැඩි පදිංචිකරුවන්ට තම නිවෙස්වලින් පිටව යන ලෙසටයි දැනුම් දී ඇත්තේ.

වික්ටෝරියා ප්‍රාන්තයෙන් අඩක් පමණ දැඩි ලැව් අවදානම් අනතුරු ඇඟවීමක් යටතේ පවතින අතර බටහිර විමරා (Wimmera) ප්‍රදේශයේ දැඩි අවදානමක් පවතින බව සඳහන්.

මෙම තත්වය මත ජාතික වනෝද්‍යාන සමඟ කලාපයේ පාසල් සහ ළමා සුරැකුම් මධ්‍යස්ථාන 100ක් පමණ වසා දමා තිබෙනවා.

වික්ටෝරියා අග්‍රාමාත්‍ය ජසින්ටා ඇලන් පැවසුවේ මෙල්බර්න් ඇතුළු තවත් දිස්ත්‍රික්ක පහක් අවදානම් ලෙස නම් කර ඇති බවයි.

පසුගිය බ්‍රහස්පතින්දා බැලරට් අසල බයින්ඩීන් ප්‍රදේශයේ හටගත් ලැව්ගින්න තවමත් සක්‍රීයව පවතින අතර මෙතෙක් එය පාලනය කර නොමැති බැවින් මෙම අනතුරු ඇඟවීම සිදු කර තිබෙනවා.

පසුගිය සතියේ ගින්න ආරම්භ වූ දිනයේ සිට හෙක්ටයාර 20,000කට ආසන්න භුමි ප්‍රමාණයක් ගිනි ගෙන ඇති අතර විනාශ වූ නිවාස සංඛ්‍යාව 6ක්.

ගිනි නිවන ගුවන් යානා සමග ගිනි නිවන භටයන් 900ක් පමණ ලැව්ගිනි මැඩ පැවැත්වීමේ මෙහෙයුම්වලට එක්ව සිටින බව සඳහන්.

වික්ටෝරියා ප්‍රාන්තයේ Skilled Visa Migration Nomination වැඩසටහන අවසන්

වික්ටෝරියා ප්‍රාන්තයේ 2023-2024 මූල්‍ය වර්ෂය සඳහා නිපුණතා සංක්‍රමණ වීසා වැඩසටහනට (Skilled Visa Migration Nomination Program) ලියාපදිංචි වීමට ලබාදුන් කාල සීමාව අවසන් වී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේදී ඇගයීමට ලක්වූ ශ්‍රී ලාංකීය කිරිබත්

ඔස්ට්‍රේලියාවේ මාස්ටර් චෙෆ් තරඟාවලිය සඳහා ඉදිරිපත් වූ ශ්‍රී ලාංකික තරුණියක් පිළිබඳ මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ වැඩි අවධානයක් යොමුවී තිබෙනවා.

Read More »

නිවාඩු කාලය තුළ සේවකයන්ට බලපෑම් කළොත් ඔස්ට්‍රේලියාවේ ආයතන ප්‍රධානීන්ට දඩ

ඔස්ට්‍රේලියාවේ රැකියාවල නිරත සේවකයින්ගෙන් සියයට 64කට පමණ ප්‍රමාණවත් නිවාඩු සහ දීමනාවක් නොලැබෙන බව පර්යේෂණ මගින් අනාවරණ වී තිබෙනවා.

Read More »