අතුරුදන් වූ යුවළගේ සිරුරු දෙක අවසානයේ හමුවූ තැන

සිඩ්නි නුවරදී ඝාතනය කළ බවට සැක කෙරෙන හිටපු රුපවාහිනී නිවේදකයෙකු සහ ඔහුගේ පෙම්වතාගේ බවට සැක කෙරෙන සිරුරු දෙකක් සොයාගෙන තිබෙනවා.

අතුරුදන්ව සිටි ජෙසී බෙයාර්ඩ් සහ ලූක් ඩේවිස් යන දෙදෙනා සෙවීමේ මෙහෙයුම් අතර බංගෝනියා නගරයේ ග්‍රාමීය ප්‍රදේශයක තිබී මළ සිරුරු දෙකක් සොයාගත් බවයි පොලිසිය සඳහන් කළේ.

නිව් සවුත් වේල්ස් පොලිස් කොමසාරිස් කැරන් වෙබ් පැවසුවේ සොයාගෙන ඇත්තේ අතුරුදන් වූ යුවළගේ සිරුරු බවට විශ්වාස කරන බවයි.

රූපවාහිනී නිවේදකයා සමග මීට පෙර සබඳතාවක් පවත්වාගෙන ගිය පොලිස් නිලධාරියෙකු වන ලැමරේ-කොන්ඩන් මෙම ඝාතන සිදු කර ඇති බවට චෝදනා එල්ල වනවා.

පොලිසිය පැවසුවේ මුලදී විමර්ශනයට සහයෝගය දැක්වීම ප්‍රතික්ෂේප කළ සැකකාර පොලිස් නිලධාරියා අඟහරුවාදා උදෑසන මළ සිරුරු දෙක පිහිටි ස්ථානය හෙළි කළ බවයි.

මෙම පුද්ගලයන් දෙදෙනාගේ සිරුරු ගල් හා සුන්බුන්වලින් වසා දැමීමට උත්සාහ කර ඇති බව රහස් පොලිස් පරීක්ෂක ඩැනියෙල් ඩොහර්ටි ප්‍රකාශ කළා.

සැකකාර පොලිස් නිලධාරියා බෙයාර්ඩ්ගේ පැඩිංටන්හි පිහිටි නිවසේදී රාජකාරි ගිනි අවියෙන් වෙඩි තබා මෙම ඝාතන සිදු කර සුදු වෑන් රථයකින් සිරුරු ප්‍රවාහනය කර ඇති බවටයි හෙළිවී ඇත්තේ.

ඔස්ට්‍රේලියාවේ වඩාත් අවධානයට ලක්ව ඇති මෙම සිදුවීම දශක ගණනාවකට පසු නිව් සවුත් වේල්ස් පොලිස් නිලධාරියෙකු විසින් සිදු කරන ලද පළමු ඝාතනය ලෙසටයි විශ්වාස කෙරෙන්නේ.

ඉලොන් මස්ක්ට බලපෑම් නොකර අධිකරණයට යාමට ඔස්ට්‍රේලියාව සූදානමින්

සිඩ්නි දේවස්ථානයක සිදු වූ පිහි ප්‍රහාරයට සම්බන්ධ වීඩියෝ ඉවත් කරන්නැයි කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීමෙන් පසු ඉලොන් මස්ක් වෙත තවදුරටත් බලපෑම් කිරීමට නොයන බව ඔස්ට්‍රේලියා රජය ප්‍රකාශයට පත් කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ පුරප්පාඩු පිරවීමට ගුරු උපාධි අපේක්ෂකයින්ට ඩොලර් 40000ක ශිෂ්‍යත්ව

රට පුරා පවතින ගුරු පුරප්පාඩු පිරවීමේ අරමුණින් ගුරු උපාධි අපේක්ෂකයින් සදහා ඩොලර් 40000ක ශිෂ්‍යත්ව ලබා දීමට ෆෙඩරල් රජය පියවර ගෙන තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ ඉල්ලීමක් ට්විටර් ප්‍රතික්ෂේප කරයි

සිඩ්නි දේවස්ථානයකදී සිදු වූ පිහි ඇනුම සම්බන්ධ වීඩියෝ සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු විම වැළැක්වීමට කටයුතු කරන ලෙසට බලධාරීන් ට්විටර් ඇතුලු සමාජ මාධ්‍ය ප්‍රධානීන්ගෙන් ඔස්ට්‍රේලියා ඊ සේෆ්ටි කොමසාරිස්වරයා ඉල්ලීමක් කර තිබෙනවා.

Read More »

රෝගියෙකුට කොවිඩ් ආසාදිතව සිටි දීර්ඝතම කාලය වාර්තා වෙයි

කොවිඩ් වෛරසය ආසාධනය වී දින 613ක්, එනම් වසරකුත් මාස 8ක පමණ කාලයක් ගතවී ඇතත් සුවය නොලැබූ පුද්ගලයෙක් පිළිබඳ නෙදර්ලන්තයෙන් වාර්තාවී තිබෙනවා.

Read More »

ඊශ්‍රායලයට උපරිම මට්ටමින් ප්‍රතිචාර දක්වන්න ඉරානයෙන් සැලසුම්

ගැටුම් නතර කර සන්සුන් වන ලෙසට ලෝකයම ඉල්ලා සිටින අවස්ථාවක ඊශ්‍රායලය ඊට එරෙහිව ක්‍රියා කළහොත් තම උපරිම මට්ටමින් ප්‍රතිචාර දක්වන බව ඉරානය අවධාරණය කරනවා.

Read More »