මාරාන්තික කුරුලු උණ වෛරසයක් නිසා ඔස්ට්‍රේලියා සෞඛ්‍ය අංශ අවධානයෙන්

ගෝලීය වශයෙන් මිලියන ගණනක් සතුන් මරා දැමූ H5N1 කුරුළු උණෙහි විනාශකාරී ප්‍රභේදයක් ප්‍රථම වරට ඇන්ටාක්ටිකාවේ ප්‍රධාන ගොඩබිම් කලාපයට ඇතුලත්ව ඇති බව අනාවරණය වී තිබෙනවා.

මෙම රෝගය ලොව පුරා මිලියන ගණනක් කුරුල්ලන් සහ ක්ෂීරපායින් දහස් ගණනක් මරා දැමීමට හැකි වෛරසයක් ලෙසයි සඳහන්ව ඇත්තේ.

මෙම රෝගයෙහි බලපෑමක් ඔස්ට්‍රේලියාවට පවතී ද යන සැකයක් මතුවී ඇති බව සත්ව විශේෂඥයින් පෙන්වා දෙනවා.

ඉතා වේගයෙන් බෝවීමේ අවදානමක් සහිත මෙම නව වෛරස ප්‍රභේදය මාළුන්, කුඩා ක්ෂීරපායින් සහ පෙන්ගුයින් පැටවුන් සඳහා වැඩි බලපෑමක් ඇති කරන අතර විශාල මුහුදු පක්ෂීන්ට ද බලපෑම් එල්ල කරන බව සඳහන්.

මෙම කුරුළු උණ රෝගය මීට පෙර දකුණු ඇමරිකාව සහ ඇන්ටාක්ටිකාව අතර දූපත්වල හඳුනාගෙන තිබුණ ද පළමු ගොඩබිම් හඳුනාගැනීම මෙය ලෙසයි වාර්තා වන්නේ.

අදාළ වෛරසය ප්‍රථම වරට අනාවරණය වී ඇත්තේ 2022 වසරේ ඔක්තෝබර් මස වන අතර එතැන් පටන් පසුගිය නොවැම්බර් දක්වා දකුණු ඇමරිකාවේ පක්ෂීන් 600000ක් පමණ මිය ගොස් තිබුණා.

ඔස්ට්‍රේලියානු ඇන්ටාක්ටික් කොට්ඨාශයේ මුහුදු පක්ෂි විද්‍යාඥ ආචාර්ය ලුයිස් එමර්සන් ප්‍රිමාවේරා පැවසුවේ බටහිර ඇන්ටාක්ටිකාවේ සිට ඔස්ට්‍රේලියාවට ඇති දුර ප්‍රමාණය නිසා මෙම කුරුළු උණ රෝගය මෙරටට පැමිණීම මන්දගාමී වනු ඇති බවයි.

කෙසේ වෙතත් මේ පිළිබද අවධානයෙන් පසුවීම වැදගත් බව සඳහන් කර තිබෙනවා.

ඔස්ට්‍රේලියාවේ පුරප්පාඩු පිරවීමට ගුරු උපාධි අපේක්ෂකයින්ට ඩොලර් 40000ක ශිෂ්‍යත්ව

රට පුරා පවතින ගුරු පුරප්පාඩු පිරවීමේ අරමුණින් ගුරු උපාධි අපේක්ෂකයින් සදහා ඩොලර් 40000ක ශිෂ්‍යත්ව ලබා දීමට ෆෙඩරල් රජය පියවර ගෙන තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ ඉල්ලීමක් ට්විටර් ප්‍රතික්ෂේප කරයි

සිඩ්නි දේවස්ථානයකදී සිදු වූ පිහි ඇනුම සම්බන්ධ වීඩියෝ සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු විම වැළැක්වීමට කටයුතු කරන ලෙසට බලධාරීන් ට්විටර් ඇතුලු සමාජ මාධ්‍ය ප්‍රධානීන්ගෙන් ඔස්ට්‍රේලියා ඊ සේෆ්ටි කොමසාරිස්වරයා ඉල්ලීමක් කර තිබෙනවා.

Read More »

රෝගියෙකුට කොවිඩ් ආසාදිතව සිටි දීර්ඝතම කාලය වාර්තා වෙයි

කොවිඩ් වෛරසය ආසාධනය වී දින 613ක්, එනම් වසරකුත් මාස 8ක පමණ කාලයක් ගතවී ඇතත් සුවය නොලැබූ පුද්ගලයෙක් පිළිබඳ නෙදර්ලන්තයෙන් වාර්තාවී තිබෙනවා.

Read More »

ඊශ්‍රායලයට උපරිම මට්ටමින් ප්‍රතිචාර දක්වන්න ඉරානයෙන් සැලසුම්

ගැටුම් නතර කර සන්සුන් වන ලෙසට ලෝකයම ඉල්ලා සිටින අවස්ථාවක ඊශ්‍රායලය ඊට එරෙහිව ක්‍රියා කළහොත් තම උපරිම මට්ටමින් ප්‍රතිචාර දක්වන බව ඉරානය අවධාරණය කරනවා.

Read More »

සිඩ්නි පිහි ඇනුමෙන් බලපෑමට ලක්වූවන්ට රජයෙන් සහන පැකේජයක්

බොන්ඩායි ජන්ෂන් හි වෙස්ට්ෆීල්ඩ් වෙළඳ සංකීර්ණයේ ඛේදවාචකයෙන් බලපෑමට ලක් වූ කම්කරුවන් සහ ව්‍යාපාර සඳහා නිව් සවුත්වේල්ස් ප්‍රාන්ත රජය ආධාරක පැකේජයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

Read More »