දුරකථනයට ලැබෙන කෙටි පණිවුඩ ගැන සැලකිල්ලෙන් ඉන්න

මිලියන 80ක් පමණ ව්‍යාජ කෙටි පණිවිඩ බෙදාහැරි පුද්ගලයින් තිදෙනෙකු සිඩ්නි පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සිඩ්නි නුවර මහල් නිවාස දෙකක රැඳී සිටි මෙම පුද්ගලයන් තිදෙනා ව්‍යාජ පණිවුඩ සහ ජනතාව නොමග යවන වංචනික තොරතුරු බෙදා හැර ඇති බවයි වාර්තා වන්නේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 35ත් 43ත් අතර වියෙහි පසුවූ සිඩ්නි වැසියන් තිදෙනෙක්.

මිලියන 80ක් පමණ කෙටි පණිවුඩ එකවර යැවීම සඳහා විශේෂ ඉලෙක්ට්‍රොනික උපාංග යොදාගෙන ඇති අතර එම උපාංග ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.

සැකකරුවන් දෙදෙනෙකු සහ තවත් එක් පුද්ගලයෙකු මෙලෙස අවස්ථා දෙකකදී අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් සංතකයේ තිබු අනන්‍යතා තොරතුරු, සිම් කාඩ්පත්, ජංගම දුරකථන අටක් සහ මත්ද්‍රව්‍ය ද අත්අඩංගුවට ගත් බවයි වාර්තා වන්නේ.

ප්‍රධාන පෙළේ ඔස්ට්‍රේලියානු සමාගම් සහ ආයතනවලින් බවට පෙන්වා දෙමින් සැකකරුවන් මෙම කෙටි පණිවුඩ යොමු කර තිබෙනවා.

අදාළ පණිවුඩ හරහා නීත්‍යානුකූල නොවන වෙබ් අඩවියකට ජනතාව යොමු කර ඇති අතර එහිදී සයිබර් අපරාධකරුවන් ජනතාවගේ මුදල් සොරකම් කිරීමට උත්සාහ කර බවයි වාර්තා වන්නේ.

සැකකරුවන් තිදෙනාට ඇප ලබාදීම ප්‍රතික්ෂේප කළ අතර මාර්තු 1 වැනිදා බර්වුඩ් ප්‍රාදේශීය අධිකරණය වෙත යොමු කිරීමට නියමිතයි.

පසුගිය වසරේ ජනවාරි සිට සැප්තැම්බර් දක්වා කාලසීමාව තුළ ඔස්ට්‍රේලියානුවන්ගෙන් ඩොලර් මිලියන 400 කට ආසන්න මුදලක් වංචාකරුවන් සොරකම් කර ඇති බව ඔස්ට්‍රේලියානු පාරිභෝගික කොමිසම සඳහන් කළා.

ඔස්ට්‍රේලියාවේ පුරප්පාඩු පිරවීමට ගුරු උපාධි අපේක්ෂකයින්ට ඩොලර් 40000ක ශිෂ්‍යත්ව

රට පුරා පවතින ගුරු පුරප්පාඩු පිරවීමේ අරමුණින් ගුරු උපාධි අපේක්ෂකයින් සදහා ඩොලර් 40000ක ශිෂ්‍යත්ව ලබා දීමට ෆෙඩරල් රජය පියවර ගෙන තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ ඉල්ලීමක් ට්විටර් ප්‍රතික්ෂේප කරයි

සිඩ්නි දේවස්ථානයකදී සිදු වූ පිහි ඇනුම සම්බන්ධ වීඩියෝ සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු විම වැළැක්වීමට කටයුතු කරන ලෙසට බලධාරීන් ට්විටර් ඇතුලු සමාජ මාධ්‍ය ප්‍රධානීන්ගෙන් ඔස්ට්‍රේලියා ඊ සේෆ්ටි කොමසාරිස්වරයා ඉල්ලීමක් කර තිබෙනවා.

Read More »

රෝගියෙකුට කොවිඩ් ආසාදිතව සිටි දීර්ඝතම කාලය වාර්තා වෙයි

කොවිඩ් වෛරසය ආසාධනය වී දින 613ක්, එනම් වසරකුත් මාස 8ක පමණ කාලයක් ගතවී ඇතත් සුවය නොලැබූ පුද්ගලයෙක් පිළිබඳ නෙදර්ලන්තයෙන් වාර්තාවී තිබෙනවා.

Read More »

ඊශ්‍රායලයට උපරිම මට්ටමින් ප්‍රතිචාර දක්වන්න ඉරානයෙන් සැලසුම්

ගැටුම් නතර කර සන්සුන් වන ලෙසට ලෝකයම ඉල්ලා සිටින අවස්ථාවක ඊශ්‍රායලය ඊට එරෙහිව ක්‍රියා කළහොත් තම උපරිම මට්ටමින් ප්‍රතිචාර දක්වන බව ඉරානය අවධාරණය කරනවා.

Read More »

සිඩ්නි පිහි ඇනුමෙන් බලපෑමට ලක්වූවන්ට රජයෙන් සහන පැකේජයක්

බොන්ඩායි ජන්ෂන් හි වෙස්ට්ෆීල්ඩ් වෙළඳ සංකීර්ණයේ ඛේදවාචකයෙන් බලපෑමට ලක් වූ කම්කරුවන් සහ ව්‍යාපාර සඳහා නිව් සවුත්වේල්ස් ප්‍රාන්ත රජය ආධාරක පැකේජයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

Read More »