Search

කවුරුත් නොදන්න වෛරස් ආසාදනයක් ගැන දැනුවත් කිරීමක්

වේදනාකාරී කුෂ්ට ඇතිකරන වෛරස් ආසාදනයක් වන ශිංගල්ස් (Shingles) පිළිබඳ ඔස්ට්‍රේලියානුවන්ගේ දැනුවත්භාවය අවම බව නවතම සමීක්ෂණයකදී හෙළිව තිබෙනවා.

ග්ලැසෝස්මිත්ක්ලයින් ඔස්ට්‍රේලියා (GlaxoSmithKline Australia ) විසින් වැඩිහිටි පුද්ගලයින් 1000 දෙනෙකු යොදා ගනිමිනුයි මේ පිළබඳව අධ්‍යයනය සිදු කර ඇත්තේ.

එහිදි මෙම ශිංගල්ස් ආසාධනය බරපතල තත්වයක් ලෙස බොහෝ දෙනා පිළිගත්ත ද එය තමන්ට වැළඳීම පිළිබඳ වැඩි අවධානයක් වැඩිහිටි ඔස්ට්‍රේලියානුවන් නොදක්වන බවයි හෙළිව තිබෙනවා.

ශිංගල්ස් පිළිබද දැනුවත් කිරීමේ සතියට සමගාමීව පෙබරවාරි 26 වනදා සිට මාර්තු 3 වන දා දක්වා රට පුරා දැනුවත් කිරීමේ වැඩසටහන් රැසක් සංවිධානය කර ඇතැයි සඳහන්.

මෙය ඉතා ඉක්මනින් සුව කළ හැකි රෝගයක් නොවන අතර මේ සම්බන්ධයෙන් නොයෙක් මිත්‍යාමත ද පවතිනවා.

මෙය චිකන් ෆොක්ස් නොහොත් පැපොළ ලෙස සඳහන් කරන රෝගයට සමාන වෛරසයකින් වැළදෙන අතර දද, කුෂ්ඨ සහ කැසීම් මෙහි ප්‍රධාන රෝග ලක්ෂණ ලෙස සැලකෙනවා.

විශේෂයෙන් මේ සදහා වෙන්වූ එන්නතක් පවතින අතර ඔස්ට්‍රේලියාවේ මෙම එන්නතෙහි මිල ඩොලර් 500 ඉක්මවනවා.

2023 වසරේදී සෞඛ්‍ය අමාත්‍ය මාක් බට්ලර් සදහන් කළේ වයස අවුරුදු 65ට වැඩි සහ ප්‍රතිශක්තිකරණය අඩු පුද්ගලයින් සදහා එම එන්නත නොමිලේ ලබා එන බවයි.

වයස්ගත පුද්ගලයින්ට මේ පිළිබද වැඩි අවබෝධයක් නොනැති අතර මේ පිළිබද තම පවුලේ වෛද්‍යවරයා හමුව උපදෙස් ලබා ගන්නා ලෙසටද උපදෙස් ලබා දෙනවා.

ටැටූ ගහල නම් රැකියා නැහැ – ශ්‍රී ලංකා පොලීසියෙන් අවවාදයක්

ශරීරයේ කිසියම් හෝ ස්ථානයක ටැටූ ගසා ඇත්නම් පොලිස් දෙපාර්තමේන්තුවේ රැකියා සඳහා අවස්ථාව හිමි නොවන බව ප්‍රධාන පොලිස් පරීක්ෂක මනෝජ් සමරසේකර පවසනවා.

Read More »

ඔස්ට්‍රේලියා නිපුණතා හිඟයට University වලින් විසඳුම්

ඔස්ට්‍රේලියා විශ්ව විද්‍යාල පුහුණු ශ්‍රමිකයින්ගේ අවශ්‍යතා වෙනුවෙන් විශේෂිත වැඩසටහන් දියත්කරමින් සිටින බව මෙල්බන් විශ්ව විද්‍යාලය පවසනවා.

Read More »