
පවතින ජීවන අර්බුධය සමග ඔස්ට්‍රේලියානුවන්ට මුදල් ඉතිරි කර ගත හැකි අංශ පිළිබද ෆයින්ඩර් විසින් නවතම අධ්‍යයනයක් සිදු කර තිබෙනවා.
2024 වසරේ ඉහළ යන ජීවන වියදමට එරෙහිව සටන් කිරීමට පවුල් ඒකක සඳහා සුදුසු මූල්‍ය යෝග්‍යතා අභියෝගයක් ෆයින්ඩර් විසින් මෙහිදී හඳුන්වා දීමටයි පියවර ගෙන ඇත්තේ.
මොඩියුල 9ක් හරහා ෆයින්ඩර් ප්‍රවීණයන් විසින් වියදම් කපා හැරීමට සහ එදිනෙදා වියදම්වල ඉතුරුම් වැඩි දියුණු කිරීමට ඉඟි සහ මඟ පෙන්වීම් මෙහිදි බෙදා ගෙන ඇති බව සඳහන්.

මෙම ක්‍රියාවලිය නිසි ආකාරව සිදු කරන්නේ නම් වසරකට ඩොලර් 11 200ක මුදලක් නිතැතින්ම ඉතිරි කර ගැනීමට ඔස්ට්‍රේලියානුවන්ට හැකි වන බවයි පෙන්වා දෙන්නේ.
ඡංගම දුරකතන, ඉතුරුම් තැම්පතු, නිවාස ණය, බ්රෝඩ්බෑන්ඩ් නිවාස, වාහන සහ සෞඛ්‍ය රක්ෂණ, බලශක්තිය, ක්‍රෙඩිට් කාඩ් වැනි අංශ ඔස්සේ මෙම ඉතුරුම් දියත් කර තිබෙනවා.

ෆයින්ඩර් පෙන්වා දෙන්නේ වාර්ෂිකව වැඩිම ඉතුරුමක් කල හැකි ක්ශේත්‍රය නිවාස ණය වන අතර එම අගය ඩොලර් 6360ක් බවයි.
මෙම ක්ශේත්‍ර ඔස්සේ ඉතුරු කිරීම් ආරම්භ කරන ඔස්ට්‍රේලියානුවන්ට මූල්‍ය අර්බුධයෙන් ගොඩ ඒමට අවස්ථාව හිමිවන බව ෆයින්ඩර් හි පුද්ගලික මූල්‍ය විශේෂඥ සාරා මෙගින්සන් ප්‍රකාශ කළා.
ඔස්ට්‍රේලියානුවන්ගෙන් සියයට 75ක් ඔවුන්ගේ වර්තමාන මූල්‍ය තත්ත්වය සමඟ දැනට ආතතියට ලක්ව ඇති බැවින් මෙම මුදල් ඉතිරි කරගැනීමේ ක්‍රියාන්විතය මගින් ජනතාව දිරිමත් කිරීමක් සිදු කිරීම අරමුණ වී තිබෙනවා.