ඕස්ට්‍රේලියාවේ සංගීත සංචාරයකට එක්ව සිටි ජනප්‍රිය ගායිකා ටේලර් ස්විෆ්ට්ගේ පියා සිඩ්නි වරාය තොටුපලේදී කැමරාකරුවෙකුට පහර දුන් බවට කියන චෝදනා මත පොලිසිය විමර්ශණ ආරම්භ කර තිබෙනවා.
71 හැවිරිදි ස්කොට් ස්විෆ්ට් අද අලුයම 2.30ට පමණ නියුට්‍රල් බේ වරාය පරිශ්‍රයේ දී 51 හැවිරිදි පුද්ගලයෙකුට මෙලෙස පහර දී ඇති බවටයි චෝදනා එල්ලවී ඇත්තේ.
ටේලර් ස්විෆ්ට් සහ ඇයගේ පියා ඇතුලු පිරිස අඩි 120ක දිගින් යුත් සුඛෝපභෝගි යාත්‍රාවක් මගින් සිඩ්නි වෙත ගෙන්වා ගෙන ඇති අතරඑම යාත්‍රාවෙන් බැස ටික වේලාවකින් මෙම පහරදීම සිදුව ඇතැයි සඳහන්.
පහරදීමට අදාළ රූප රාමුව මාධ්‍යට නිකුත් කර තිබෙන අතර මෙලෙස පහරකෑමට ලක්ව ඇත්තේ 51 හැවිරිදි පුද්ගලයෙකු බව සඳහන්.
ටේලර් ස්විෆ්ට් ඊයේ රාත්‍රියේ ඇයගේ අවසන් සිඩ්නි සංදර්ශනය සිදු කළ අතර ඒ රාත්‍රී හතක ඔස්ට්‍රේලියානු සංචාරය අවසන් කරමින්.
අද අලුයම සිදුවු බව කියන පහරදිමට අදාළ සිදුවිමේ විමර්ශන නිව් සවුත් වේල්ස් පොලිසිය මගින් ආරම්භ කර ඇති අතර පහරකෑමට ලක්වු පුද්ගලයාට බරපතල තත්වයක් නොමැති බව ද සඳහන්.
ස්කොට් ස්විෆ්ට් පසුගිය දෙසතිය පුරාම තම දියණියගේ ඔස්ට්‍රේලියානු සංචාරය සඳහා පූර්ණ සහාය ලබා දුන් අතර මෙම සිදුවීම සමග ටේලර් ස්විෆ්ට් ගේ රසිකයින් ද කණගාටුවට පත්ව තිබුණා.