Search

සුපිරි වෙළඳසැල්වල විශේෂ වට්ටම් ගන්න ගිහින් ඔබත් මේ වංචාවට රැවටුණා ද?

ඔස්ට්‍රේලියාවේ සුපිරි වෙළඳසල් තුල භාණ්ඩ මිලදී ගැනීම් සඳහා විශේෂ වට්ටම් ලබා දෙන මුවාවෙන් පැවති මිලටත් වඩා වැඩි මිලකට භාණ්ඩ විකිණීම් සිදු කෙරෙන බවට චෝදනා මතුව තිබෙනවා.

විශේෂ වට්ටම් දීමක් ලෙස පාරිභෝගිකයින්ට ඒත්තු ගන්වා පෙර පැවති මිලටත් වඩා වැඩි මිලකට භාණ්ඩ විකිණීම සිදු කරන බවයි වාර්තා වන්නේ.

මෙය සුපිරි වෙළඳසැල් භාවිතා කරන උපක්‍රම වලින් එකක් පමණක් බව පාරිභෝගික අයිතීන් සම්බන්ධ ක්‍රියාකාරී කණ්ඩායමක් වන චොයිස් (CHOICE) ආයතනය පවසනවා.

එම ආයතනය විසින් මේ සම්බන්ධයෙන් සමීක්ෂණයක් සිදු කර ඇති අතර මෙහිදී කෝල්ස් (Coles) සහ වූල් වර්ත්ස් (Woolworths) සමාගම් දෙකේම දක්වා ඇති වට්ටම් සත්‍යවශයෙන්ම මිල අඩුකිරීම් ද යන්න පිළිබඳ සැකයක් පාරිභෝගිකයින්ට මතුව ඇති බව සඳහන්.

පාරිභෝගිකයින්ගෙන් සියයට 80ක් දෙනා පවසා ඇත්තේ සුපිරි වෙළදසැල්හි ලබා දෙන වට්ටම් පිළිබඳ සැකයක් පවතින බවයි.

විවිධ වර්ණවලින් වට්ටම් ලබාදීම් ප්‍රදර්ශනය කරන දැන්වීම් පරිභෝගිකයින්ව ව්‍යාකූල තත්වයකට පත් කරන බව සමීක්ෂණයට සහභාගි වූවන් ප්‍රකාශ කර තිබෙනවා.

විවිධ ප්‍රචාරණ උපක්‍රම භාවිතා කරමින් මෙම සුපිරි වෙළඳසැල් තම පාරිභෝගිකයින් ව්‍යාකූල තත්වයකට පත්කරන බව චොයිස් ආයතනයේ ජේෂ්ඨ උපදේශකයකු අවධාරණය කරනවා.

හිටපු හමුදා ප්‍රධානීන්ට පැනවූ සම්බාධක ගැන ශ්‍රී ලංකා රජයේ ස්ථාවරය

හිටපු හමුදා ප්‍රධානීන් 3 දෙනෙකු ඇතුළු සිව් දෙනෙකුට සම්බාධක පැනවීමට එක්සත් රාජධානිය ගත් තීරණය ඒකපාර්ශවික පියවරක් බව විදේශ කටයුතු විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යංශය පවසනවා.

Read More »