
වික්ටෝරියා ප්‍රාන්තයේ පැවැත්වීමට නියමිත අතුරු මැතිවරණයක් පිළිබද මේ දිනවල බොහෝ දෙනාගේ වැඩි අවධානය යොමුව තිබෙනවා.
ඩන්ක්ලි (Dunkley) මැතිවරණ කොට්ඨාසයේ පාර්ලිමේන්තු ආසනයක් වෙනුවෙන් පැවැත්වෙන අතුරු මැතිවරණය ලේබර් සහ ලිබරල් පක්ෂ දෙකටම ඉතාම තීරණාත්මක මැතිවරණයක් ලෙසටයි සැලකෙන්නේ.
මෙහිදි ලැබෙන ප්‍රතිඵල ඉදිරියේ පැවැත්වෙන මැතිවරණ ප්‍රතිඵල සඳහා තීරණාත්මක වන බව සඳහන්.

මාර්තු 2 වන සෙනසුරාදා ඩන්ක්ලි මැතිවරණ කොට්ඨාසයේ මැතිවරණය පැවත්වෙන අතර අග්‍රාමාත්‍ය ඇන්තනී ඇල්බනීස් සහ විපක්ෂ නායක පීටර් ඩට්න් මේ දිනවල අවසන් මැතිවරණ ප්‍රචාරණ කටයුතුවල නිරත වනවා.
මෙම ආසනයේ හිටපු ලේබර් පක්ෂ මන්ත්‍රිනී පීටා මර්ෆී පියයුරු පිළිකාවක් වැළඳී පසුගිය වසරේ මියයෑමත් සමග හිස්වූ මන්ත්‍රී ධුරය වෙනුවන් මෙම අතුරු මැතිවරණය පවත්වනු ලබනවා.

එම මැතිවරණ මගින් වත්මන් ලේබර් පක්ෂය සම්බන්ධයෙන් ජනතා ප්‍රසාදය මැනගැනීමට ද අවස්ථාව ලැබෙන බවයි දේශපාලන විචාරකයින් පෙන්වා දෙන්නේ.