Search

ශ්‍රී ලංකාවේ ඇපල් මිල ගණන් ලෝකයේ වාර්තා අතරට

වෙළදපොල තුළ අලෙවි කෙරෙන මිල ගණන් අනුව මිල අධිකම ඇපල් අලෙවිය සහිත රටක් බවට ශ්‍රී ලංකාව පත්ව තිබෙනවා.

Numbeo වාර්තා උපුටා දක්වන පාරිභෝගික දර්ශකයට අනුව වෙළදපොළ තුළ අධික මිලකට ඇපල් අළෙවි කරනු ලබන ලොව දෙවන රට ශ්‍රී ලංකාව බවයි වාර්තා වන්නේ.

ඒ අනුව ශ්‍රී ලංකාවේ ඇපල් කිලෝවක මිල සටහන්ව ඇත්තේ ඇමරිකානු ඩොලර් 7.04ක් හෙවත් ශ්‍රී ලංකා රුපියල් 2188ක් වැනි අගයක් බව සදහන්.

එම ශ්‍රේණිගත කිරීම් අනුව ලොව ඉහළම මිල ගණන් යටතේ ඇපල් අලෙවි වන නගරය ලෙස ඇමරිකාවේ නිව්යෝක් අග නගරය නම් කර තිබෙනවා. එහි ඇපල් කිලෝවක මිල සටහන්ව ඇත්තේ ඇමරිකානු ඩොලර් 7.05ක් ලෙසටයි.

මෙම ශ්‍රේණිගත කිරීමේ තුන්වන ස්ථානයට දකුණු කොරියාව පත්ව ඇති අතර එහි ඇපල් කිලෝවක මිල සටහන්ව ඇත්තේ ඩොලර් 6.91ක් ලෙටයි.

නව ශ්‍රේණිගත කිරීම් අනුව ඇපල් මිල අධික ලොව පුරා නගර අතුරින් වැඩි ප්‍රමාණයක් ඇමරිකාව නියෝජනය කරන අතර එරට නගර 7ක් මෙම ලැයිස්තුවට ඇතුළත්.

ඉන්දියාවේ දිල්ලි අගනුවර ඇපල් කිලෝවක මිල ඩොලර් 2.01ක් ලෙස දැක්වෙනවා.

මීට අමතරව ජපානය, ප්‍රංශය සහ කැනඩාව යන රටවල්වල අගනුවර ද මෙම ශ්‍රේණිගත කිරීම්වලට ඇතුලත් වන අතර පිළිවෙලින් එහි ඇපල් කිලෝවක මිල සටහන්ව ඇත්තේ ඩොලර් 5.13ක්, 2.63ක් සහ 3.93ක් ලෙසින්.

ඔස්ට්‍රේලියානුවන්ගේ ජනප්‍රිය සංචාරක ගමනාන්ත කිහිපයක ගාස්තු වැඩි වෙයි

ඔස්ට්‍රේලියානුවන්ගේ ජනප්‍රිය සංචාරක ගමනාන්ත කිහිපයකදී වැය කිරීමට සිදුවන මුදල්වල විශාල වෙනස්කම් රැසක් සිදුවී ඇතැයි වාර්තා වනවා.

Read More »

තරුණ වෙන්න කැමති ඔස්ට්‍රේලියානුවන්ට අලුත් සොයා ගැනීමක්

වයස්ගත වීම වැළැක්වීම සහ තරුණ බව දීර්ඝ කාලයක් රැක ගැනීම සංචාර මගින් සිදු කළ හැකි බව ඔස්ට්‍රේලියාවේ නව අධ්‍යයනයකින් සොයාගෙන තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ සමාජ මාධ්‍ය සීමාවට බාධකයක්?

ඔස්ට්‍රේලියාවේ සමාජ මාධ්‍ය භාවිතයට හඳුන්වා දීමට යෝජිත වයස් සීමාවන් මගින් පමණක් තරුණ පරම්පරාවේ මානසික සෞඛ්‍ය ගැටළු විසඳීමට නොහැකි බව විශේෂඥයින් අනතුරු අඟවනවා.

Read More »