
පසුගිය 2023 වසරේ වාර්තාගත ඔස්ට්‍රේලියානුවන් පිරිසක් තම වකුගඩු නාඳුනන පුද්ගලයින්ට ලබාදී ඇතැයි නවතම සමීක්ෂණ වාර්තාවලින් අනාවරණ වී තිබෙනවා.
බොහෝ වකුගඩු බද්ධ කිරීම් සිදුවන්නේ මියගිය පුද්ගලයන්ගෙන් ලබා ගැනීමෙන් වන අතර ඉතිරිය ලබා ගැනෙන්නේ ජීවත්ව සිටින මිතුරෙකු හෝ පවුලේ සාමාජිකයෙකු වැනි පරිත්‍යාගශීලීන්ගෙන්.
වකුගඩු අකර්මණ්‍ය වීම ඕස්ට්‍රේලියාවේ වඩාත් සුලභ රෝගී තත්වයක් වන අතර පුද්ගලයන් 14,000ක් පමණ මේ වන විට ඩයලිසිස් ප්‍රතිකාර ලබා වකුගඩුවක් බලාපොරොත්තුවෙන් සිටින බව සඳහන්.

නවසීලන්තය සමග ඒකාබද්ධව ඔස්ට්‍රේලියාව සිදු කරනු ලබන වකුගඩු හුවමාරු වැඩසටහන මගින් පරාර්ථකාමී පරිත්‍යාගශීලීන්ගේ වකුගඩු ලබා ගැනීමට කටයුතු කරනු ලබනවා.
මෙම ඔස්ට්‍රේලියානු වැඩසටහන 2019 දී නවසීලන්තය සමඟ එක් වූ නමුත් COVID දේශසීමා හමුවේ සම්පුර්ණයෙන් ඇණහිට තිබුණා.

කෙසේ වෙතත්, 2023 වසරේදී ඔස්ට්‍රේලියානුවන් 55ක් සහ නවසීලන්ත ජාතිකයින් 25ක් ඊට පරිත්‍යාග ලබා දී ඇති බවයි හෙළිවී ඇත්තේ.
මෙම වකුගඩු හුවමාරු වැඩසටහන තුළ පරාර්ථකාමී පරිත්‍යාගශීලීන් ද ලියාපදිංචි වෙමින් වකුගඩුවක් අවශ්‍ය ඕනෑම කෙනෙකුට ලබා දීමට ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වන බවයි වාර්තා වනවා.
ඔවුන්ට පරිත්‍යාග කිරීමට විශේෂයෙන් කිසිවෙකු නොමැති වීම හේතුවෙන් සාමාන්‍යයෙන් වැඩසටහනේ සිටින අයෙකුට ලබා දීම සඳහා පරිත්‍යාග කරන බවයි වාර්තා වන්නේ.
මෙලෙස වකුගඩු පරිත්‍යාග කරන ඇතැම් පුද්ගලයන් එය හිමිවන්නේ කුමන පුද්ගලයෙකුට ද යන්න පවා නොදන්නා බව සඳහන්.