පැතිර යන ලැව්ගිනි නිසා වික්ටෝරියා ප්‍රාන්තයේ පිරිසකට විශේෂ දැනුම්දීමක්

වික්ටෝරියා ප්‍රාන්තයේ බටහිර ප්‍රදේශයේ ලැව් ගිනි පැතිර යන ප්‍රදේශය ආසන්නයේ සිටින වික්ටෝරියානුවන්ට ඉක්මනින් ආරක්‍ෂිත ස්ථාන වෙත පිටත්ව යන ලෙස බලධාරීන් අනතුරු අඟවා තිබෙනවා.

හෙට වික්ටෝරියා ප්‍රාන්තයේ බටහිර ප්‍රදේශ හරහා අතිශය විනාශකාරී ලැව් ගිනි පැතිර යනු ඇති බවටයි අනාවැකි පලවී ඇත්තේ.

වික්ටෝරියා බලධාරීන් පසුගිය සතියේ සිටම බැලරට් ආසන්නයේ පදිංචිකරුවන්ට අනතුරු අඟවන්නේ බදාදා අවදානම් අවස්ථාවට පෙර අඟහරුවාදා දහවල් වන විට දේපළ අත්හැර යන ලෙසයි.

පසුගිය බ්‍රහස්පතින්දා ලැව් ගිනි ආරම්භ වූ දින සිට හෙක්ටයාර 20,000කට අධික ප්‍රමාණයක් ගිනිගෙන ඇති අතර නිවාස හයක් විනාශ වී තිබෙනවා.

ගින්න මැඩපැවැත්වීම සඳහා මේ වන විට ගිනි නිවන භටයින් 600ක් පමණ සේවයේ නිරත වන බව සඳහන්.

එල්ම්හර්ස්ට්, බියුෆෝර්ට්, ලෙක්ස්ටන්, ග්‍රීන් හිල් ක්‍රීක් සහ අවට ප්‍රදේශවල පදිංචිකරුවන්ට අඟහරුවාදා පස්වරුවේ ආරක්ෂිතව පිටවීම සම්බන්ධයෙන් සලකා බලන ලෙසට වික්ටෝරියා බලධාරීන් ප්‍රකාශ කර තිබෙනවා.

පීඩාවට පත්වූවන් වෙනුවෙන් සහන මධ්‍යස්ථාන අරරත් පාපන්දු පිටියේ (Ararat Football Ground) සහ මේරිබරෝ හි ප්‍රින්සස් උද්‍යානයේ විවෘතව පවතින බව සඳහන්.

කුලී නිවාස ගන්න යනවා නම් මේ වංචාවට හසුවෙන්න එපා

කුලී නිවාස සපයා දෙන මුවාවෙන් සමාජ මාධ්‍ය ඔස්සේ සිදුකෙරෙන මූල්‍ය වංචා පිළිබඳ අවධානයෙන් පසුවන ලෙස පොලිසිය ජනතාව දැනුවත් කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ අඩු ආදායම්ලාභීන් වෙනුවෙන් ඉල්ලීමක්

අඩු ආදායම්ලාභී පවුල් සඳහා මුල් ළමාවිය අධ්‍යාපන පහසුකම් ඇතුලු ළමා රක්ෂණ සේවා නොමිලේ ලබා දෙන්නැයි ඵලදායිතා කොමිෂන් සභාව ෆෙඩරල් රජයෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

Read More »

ජීවිත 6ක් බිලිගත් සිඩ්නි ප්‍රහාරය ගැන තවත් තොරතුරු හෙළිවෙයි

සිඩ්නි නැගෙනහිර වෙස්ට්ෆීල්ඩ් බොන්ඩායි ජන්ෂන් හි සාප්පු මධ්‍යස්ථානයකදී පුද්ගලයන් කිහිප දෙනෙකුට පිහියෙන් ඇනීමෙන් පසු පොලිස් වෙඩි පහරින් මිය ගිය 40 හැවිරිදි වියේ පසුවන පුද්ගලයා හඳුනා ගැනීමට පොලිසිය තවදුරටත් විමර්ශන සිදු කරමින් පවතිනවා.

Read More »

සිඩ්නි වෙස්ට්ෆීල්ඩ් සාප්පු සංකීර්ණයේ පිහි ඇනුමෙන් 7ක් ජීවිතක්ෂයට

සිඩ්නි හි නැගෙනහිර වෙස්ට්ෆීල්ඩ් බොන්ඩි හන්දියේ සාප්පු මධ්‍යස්ථානයේදී සිදු වූ පිහි ඇනුමෙන් සහ වෙඩි තැබීමෙන් ප්‍රහාරකයා ඇතුලු පුද්ගලයන් 7දෙනෙකු මියගොස් තිබෙනවා.

Read More »