Search

පැපුවා නිව්ගිනි රාජ්‍යයේදී පැහැරගත් ඔස්ට්‍රේලියා ගුවන් නියමුවාට සිදු වූ දේ

පැපුවා නිව්ගිනි රාජ්‍යයේ දුරස්ථ ප්‍රදේශයක සේවය කරමින් සිටියදී ප්‍රාණ ඇපයට ගත් ඔස්ට්‍රේලියානු ගුවන් නියමුවෙකු නිදහස් කර තිබෙනවා.

ප්‍රකාශයක් නිකුත් කරමින් පැපුවා නිව්ගිනි රාජ්‍යයේ පොලිස් කොමසාරිස් ඩේවිඩ් මැනිං පැවසුවේ ගුවන් නියමුවා සහ පැපුවා නිව්ගිනියාවේ කාර්මික ශිල්පීන් දෙදෙනෙකු අවි පෙන්වා තර්ජනය කර මෙලෙස පැහැරගෙන තිබූ බවයි.

ගුවන් නියමුවා සහ කාර්මික ශිල්පීන් යානය ගොඩ බැස්වීමත් සමඟම, ප්‍රදේශවාසීන් පිරිසක් පඳුරු අතරින් මතු වී, ඔවුන් පැහැරගෙන ඇති බව සඳහන්.

සිද්ධිය හෙළිවීමත් සමග ආරක්ෂක බලකාය මෙහෙයුම් ආරම්භ කරීම හමුවේ සන්නද්ධ කණ්ඩායම් පැහැරගත් තිදෙනා කිසිදු හානියකින් තොරව නිදහස් කර තිබෙනවා.

අනතුරුව ඔවුන් රැගත් හෙලිකොප්ටරය දකුණු කඳුකරයේ හයිඩ්ස් වෙත පියාසර කර ඇතැයි සඳහන්.

පොලිස් කොමසාරිස්වරයා අවධාරණය කළේ ප්‍රජාවන්ගේ ආරක්ෂාව හෑල්ලුවට ලක් කරන මෙම දේශීය ත්‍රස්තවාදීන්ට රටේ කිසිදු ඉඩක් නොමැති බවයි.

ඔස්ට්‍රේලියානු මහාචාර්යවරයෙක් සහ දේශීය පර්යේෂකයන් දෙදෙනෙක් ද පසුගිය 2023 වසරේ මෙම ප්‍රදේශයේදීම පැහැරගෙන තිබුණා.

විදේශ කටයුතු සහ වෙළඳ දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙකු පැවසුවේ ඔස්ට්‍රේලියානු ජාතිකයා නිදහස් කිරීම ගැන සතුටු වන බවයි.

ස්වර්ගස්ථ වූ ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ ඡායාරූපයක් පළමුවරට නිකුත් කරයි

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ අභාවයෙන් පසු ඔහුගේ පළමු ඡායාරූපය වතිකානුව විසින් නිකුත්කර තිබෙනවා.

Read More »