ශ්‍රී ලංකා වෙළෙඳපොළට ඛනිජ තෙල් නිෂ්පාදන සැපයීම සඳහා යුනයිටඩ් පෙට්‍රෝලියම් ඔස්ට්‍රේලියා පුද්ගලික සමාගම විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය සමඟ ගිවිසුමකට එළඹ තිබෙනවා.
ඔවුන් නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ තම සමාගම සහ විදුලිබල සහ බලශක්ති අමාත්‍යංශය අතර ගිවිසුම පසුගිය 22 වනදා අත්සන් කළ බවයි.
මෙමගින් දැනට ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන ඉන්ධන පිරවුම්හල් 150ක් ඔස්ට්‍රේලියා සමාගමට පැවරීමට නියමිත අතර තවත් ඉන්ධන පිරවුම්හල් 50ක් ඔවුන් විසින් ස්ථාපනය කිරීමට නියමිතව තිබෙනවා.
ශ්‍රී ලංකාව තුළ මෙහෙයුම් කටයුතු සිදුකිරීම සඳහා ඔවුන් විසින් යුනයිටඩ් පෙට්‍රෝලියම් ලංකා ලිමිටඩ් නමින් සමාගමක් ද ලියාපදිංචි කර ඇතැයි සඳහන්.
සිපෙට්කෝ ආයතනයේ හිටපු අධ්‍යක්ෂ මණ්ඩල සභික සහ ඛනිජ තෙල් කර්මාන්තයේ කීර්තිමත් වෘත්තිකයකු වන ආචාර්ය ප්‍රභාත් සමරසිංහ මහතා එහි අධ්‍යක්ෂවරයා ලෙස පත් කර තිබෙනවා.
යුනයිටඩ් පෙට්‍රෝලියම් ඔස්ට්‍රේලියා යනු ඔස්ට්‍රේලියා උප මහාද්වීපය පුරා ඉන්ධන පිරවුම්හල් 500කට අධික ප්‍රමාණයක් හිමි ප්‍රමුඛ පෙළේ ඛනිජ තෙල් වෙළඳ සමාගමක්.
යුනයිටඩ් සමූහයට ඔස්ට්‍රේලියාවේ සහ සිංගප්පූරුවේ තවත් බොහෝ ව්‍යාපාර ඇති අතර සමාගම ඔස්ට්‍රේලියාවෙන් පිටත සිය සිල්ලර ඛනිජ තෙල් ව්‍යාපාරය පුළුල් කළ පළමු අවස්ථාව මෙයයි.