Search

වික්ටෝරියා ප්‍රාන්තයේ ලැව්ගිනිවලින් විපතට පත්වූවන්ට අගමැතිගෙන් සහනයක්

වික්ටෝරියා ප්‍රාන්තයේ ලැව්ගිනි මගින් විපතට පත්වූවන්ට අවශ්‍ය සෑම සහයක්ම ලබා දෙන බව අග්‍රාමාත්‍ය ඇන්තනී ඇල්බනීස් පවසනවා.

ප්‍රාන්ත රජය ද මේ පිළිබඳ අදහස් දක්වමින් කියා සිටියේ පීඩාවට පත්වූවන්ට ආධාර ලබාදීමේ ක්‍රියාමාර්ග කඩිනමින් සිදු කරන බවයි.

වික්ටෝරියා ප්‍රාන්තයේ බටහිර ප්‍රදේශයන්හි හටගත් ලැව්ගිනි හේතුවෙන් නිවාස 6ක් සම්පූර්ණයෙන් විනාශ වී ඇති අතර මෙම ලැව්ගිනි අවදානම තවත් සති කිහිපයක් පවතිනු ඇතැයි සදහන්.

ප්‍රාන්තයේ හදිසි සේවා අමාත්‍යා ජැක්ලිම් සිම්ස් පවසන්නේ එල්බර් සහ රෙඩ්ලන් නගර අවට පදිංචිකරුවන්ට තවමත් තම නිවාස කරා යෑමට නොහැකි බවයි.

මේ සම්බන්ධයෙන් අවශ්‍ය සෑම සහයක්ම තමන් ලබා දෙන බව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අග්‍රාමාත්‍ය ඇන්තනී ඇල්බනීස් පවසන අතර අවශ්‍ය සෑම මූල්‍යමය සහ ද්‍රව්‍යමය උපකාර විපතට පත්වූවන්ට ලබාදීමටයි අග්‍රාමාත්‍යවරයා නිලධාරීන්ට උපදෙස්දී ඇත්තේ.

අවදානම් කලාප වෙත ප්‍රවේශවීමට හෝ නැරඹීමට නොයන ලෙස ආපදා අංශ ජනතාවට නිරතුරු උපදෙස් ලබාදී තිබෙනවා.

එමෙන්ම නිරන්තරයෙන් කාළගුණ නිවේදනයන් පිළිබද අවධානයෙන් පසුවන ලෙසටයි වැඩිදුරටත් දන්වා ඇත්තේ.

හැරී කුමරුට මරණ තර්ජන

එක්සත් රාජධානියේ පොලිස් ආරක්ෂාව අඩු කිරීමෙන් පසු තමාට ත්‍රස්තවාදීන් විසින් මරණීය තර්ජන එල්ල කරන බව හැරී කුමරු පවසනවා.

Read More »

කොරෝනා මිනිසුන් නිපදවූවාදැයි සැකයක් ?

කොරෝනා වයිරසය මිනිසා විසින් සාදන ලද රෝග කාරකයක් බවට තහවුරු කරමින් ධවල මන්දිරය නව වෙබ් අඩවියක් ආරම්භ කර තිබෙනවා. එමගින් ඔවුන් සදහන් කරන්නේ කොවිඩ්-19 වෛරසය

Read More »