Search

රිය ධාවනයට පුහුණු වෙමින් සිටි තරුණයෙකු කළ වරදක් නිසා බලපත්‍රයත් අහිමි වෙයි

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ රිය ධාවනයට ඉගෙනුම ලබන 27 හැවිරිදි තරුණයෙකුට ඩොලර් 2500 කට වඩා වැඩි දඩයක් නියම කර තිබෙනවා.

පසුගිය 18 වනදා සවස 4.55ට පමණ බෝගන්ගර් හි රෝස්වුඩ් මාවතේදී මෝටර් රථයක් පදවාගෙන යමින් සිටි මෙම තරුණයාට පොලිසිය දඩ නියම කර ඇත්තේ වේග සීමා උල්ලංඝනය සහ බීමතින් රිය පැදවීම යන චෝදනා මතයි.

අධිවේගී මාර්ග මුර සංචාර මෝටර් රථයක සිටි පොලිසිය මෙම තරුණයා පැයට කිලෝමීටර් 50ක කලාපයක් තුළ පැයට කිලෝමීටර 90කට වැඩි වේගයකින් වේගයෙන් ගමන් කිරීම හේතුවෙන් නතර කර තිබෙනවා.

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ රිය ධාවනයට බලපත්‍රයක් ඔහු සතුව ඇතැයි පැවසුව ද එය ඉදිරිපත් කිරීමට අපොහොසත් වීම හමුවේ ඔහු පොලිස් අත්අඩංගුවට ගෙන ඇතැයි සඳහන්.

මෝටර් රථයේ සිටි එකම පුද්ගලයා මෙම තරුණයා බවත් එහි පුහුණුවන රියදුරෙක් ධාවනය කරන බවට තහඩු ප්‍රදර්ශනය කර නොතිබූ බවත් පොලිසිය ප්‍රකශ කළා.

බීමත් බව පරීක්ෂා කරන ස්ථානීය පරීක්ෂණයකින් ද ඔහුට ධනාත්මක ප්‍රතිඵලයක් ලැබී ඇති අතර අධික බීමතින් රිය පැදවීම සම්බන්ධයෙන් ඔහුට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට දැනුම් දී තිබෙනවා.

ඊට අමතරව ඔහුගේ පුහුණු බලපත්‍රය ද වහාම අත්හිටු වීමටයි පියවර ගෙන ඇත්තේ.

කොරෝනා මිනිසුන් නිපදවූවාදැයි සැකයක් ?

කොරෝනා වයිරසය මිනිසා විසින් සාදන ලද රෝග කාරකයක් බවට තහවුරු කරමින් ධවල මන්දිරය නව වෙබ් අඩවියක් ආරම්භ කර තිබෙනවා. එමගින් ඔවුන් සදහන් කරන්නේ කොවිඩ්-19 වෛරසය

Read More »