Search

සුරතල් සතුන් ඇතිකරන ඔස්ට්‍රේලියානුවන්ට විශේෂ නිවේදනයක්

සුරතල් සතුන් ඇතිකරන ඔස්ට්‍රේලියානුවන්ට විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

මේ දිනවල ඔස්ට්‍රේලියාවේ බොහෝ ප්‍රදේශවලට බලපා ඇති අධික උෂ්ණඅධික කාලගුණයත් සමග තම සුරතලුන්ගේ කුඩූ තද අව් රශ්මියට නිරාවරණය නොවන ලෙස තබන ලෙසටයි උපදෙස් ලබා දී ඇත්තේ.

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ නූසා ප්‍රදේශයේ සුනඛයෙකු සෙල්සියස් අංශක 3 ක උෂ්ණත්වයක් යටතේ වාහනයක පිටුපස රඳවා තබා තිබීමේ ඡායාරූපයක් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරණය වීමත් සමග මේ පිළිබඳ අවධානය යොමුව තිබෙනවා.

කාන්තාවක් මෙලෙස සාප්පු සවාරි යෑම සඳහා තම සුනඛයා මෙලෙස අධික උෂ්ණත්වයේ තබා යාමටයි කටයුතු කර ඇත්තේ.

මේ පිළිබද වැඩි කතිකාවක් මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ සිදු කෙරෙන අතර අධික උණුසුම් කාලගුණික තත්ත්වයන් යටතේ මිනිසුන් තම සුරතලුන් කූඩුවල තබාගෙන රිය පැදවීම නොකළ යුතු බව සත්ව අයිතීන් වෙනුවෙන් පෙනී සිටින සංගම් පවසනවා.

ඔස්ට්‍රේලියාව තුල සුරතල් සතෙකු ඇති කිරීමට අදාළ නිර්නායකයන් පවතින අතර සතුන් රඳවා තබන කූඩුවල ප්‍රමිතිය පිළිබඳව ද එහි අවධානය යොමුව තිබෙන බව සඳහන්.

අධික හිරු රශ්මිය ඔබේ දරුවන්ට ද සුදුසු නොවන අතර ඔබේ සුරතල් සතුන්ට ද අතුරු ආබාධ ගෙන දෙන බවයි සත්ව හිමිකම් සංවිධාන පෙන්වා දෙන්නේ.