Search

පර්ත් නුවරට වාහනයෙන් යන කාන්තාවන්ට හොඳ අවස්ථාවක්

කාන්තාවන් සදහාම පමණක් වාහන නැවැත්වීමට හැකි රථ ගාලක් සම්බන්ධයෙන් තොරතුරු ඔස්ට්‍රේලියාවේ පර්ත් නුවරින් වාර්තා වනවා.

පර්ත් හී CBD රථගාලෙහි කාන්තාවන්ගේ වාහන නැවැත්වීම සදහා පමණයි යනුවෙන් සඳහන් කර ඇති කාන්තා රුවක් සහිත පුවරුවක් සවිකර තිබීම මේ දිනවල කාගේත් අවධානයට යොමුව ඇති බවයි වාර්තා වන්නේ.

එමෙන්ම මෙම පුවරුවත් සමග ඔස්ට්‍රේලියා රියදුරන් අතර යම් විවාදයක් ඇතිව තිබෙන බව ද සඳහන්.

ඇතැමුන් මෙය ප්‍රශංසාවට ලක්කර ඇති අතර තවත් පිරිසක් මෙම වෙන් කිරීම විවේචනයට ලක් කර තිබෙනවා.

බොහෝ විට කාන්තාවන්ගේ ආරක්ෂාව සහ පොදු අවකාශය තුළ සුවපහසුව යන කරුණු මුල්කරගනිමින් මෙම පියවර ගෙන ඇති අතර මෙම රථගාල උදෑසන 6 සිට මධ්‍යම රාත්‍රිය දක්වා විවෘතව තැබෙනු ඇති.

ඒ අනුව කාන්තාවන්ට කිසිදු බියකින් තොරව ඕනෑම වේලාවක තම වාහනයට පැමිණීමට අවස්ථාව මේ හරහා නිර්මානය වී තිබෙනවා.

පර්ත් හී පවතින පොදු රථගාල් 700කින් 28ක් තුළ මෙලෙස කාන්තාවන් සඳහා පමණක් ඉඩ වෙන් කිරීමට පියවර ගෙන ඇති අතර රථ ගාල් තුළ සිදුවන කාන්තා හිංසන අවම කිරීම මෙහි අරමුණයි.

ඔස්ට්‍රේලියාවේ රැකියාවක් නැති පශ්චාත් උපාධිධාරීන් ඉහළට

ඔස්ට්‍රේලියාවේ විරැකියා අනුපාතය අගෝස්තු මාසය සඳහා ද සියයට 4.2 ප්‍රතිශතයක් ලෙස ස්ථාවරව පවතින බව සංඛ්‍යාලේඛන කාර්යාංශය පවසනවා.

Read More »

දකුණු ඕස්ට්‍රේලියාවේ ඩොලර් 274,000ක් ලැබෙන රැකියාවකට සුදුසු අයෙකු සොයයි

දකුණු ඕස්ට්‍රේලියාවේ කූබර් පෙඩි (Coober Pedy) දිස්ත්‍රික් කවුන්සිලය සඳහා නව ප්‍රධාන විධායක නිලධාරියෙකු බඳවා ගැනීම වෙනුවෙන් එම රැකියාව සඳහා ලබාදෙන වැටුප ඩොලර් 274,000 දක්වා ඉහළ නංවා තිබෙනවා.

Read More »

අඩු ඉන්ධන මිළ වැඩි කලක් නෑ ?- ඔස්ට්‍රේලියා රියදුරන්ට වැදගත් දැනුම්දීමක්

මාස ගණනාවක් පුරා ඔස්ට්‍රේලියාවේ දැනට අඩු මිලට පවතින ඉන්ධන තවදුරටත් ඒ ආකාරයෙන් පැවතීම අවිනිශ්චිත බව වෙළඳපොල විශ්ලේෂකයන් පවසනවා.

Read More »

ශ්‍රී ලංකාවේ හිටපු ක්‍රිකට් ක්‍රීඩකයෙකුට ඔස්ට්‍රේලියාවෙන් වසර 20කට ක්‍රිකට් තහනමක්

ඔස්ට්‍රේලියාවේ ක්‍රිකට් පුහුණුකරුවෙක් ලෙස කටයුතු කළ ශ්‍රී ලංකාවේ හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක දුලිප් සමරවීරට වසර 20ක තහනමක් පැනවීමට ඔස්ට්‍රේලියා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා.

Read More »