Search

ඔන්ලයින් වෙන්දේසියෙන් කාර් ගත්තා නම් මේ ගැන අවදානයෙන් ඉන්න

ඔන්ලයින් වෙන්දේසිය ඔස්සේ මෝටර් රථ අලෙවි කරනු ලබන ප්‍රධාන සමාගමක් අසත්‍ය තොරතුරු ඉදිරිපත් කර දෝෂ සහිත මෝටර් රථ 750ක් ඔස්ට්‍රේලියාව තුළ අලෙවි කර ඇතැයි තොරතුරු අනාවරණ වී තිබෙනවා.

මෙම ප්‍රධාන මාර්ගගත වෙන්දේසි ව්‍යාපාරය විසින් විකිණීමට ඇති මෝටර් රථ පිළිබඳ ගනුදෙනුකරුවන් නොමඟ යවන තොරතුරු ඉදිරිපත් කර ඇති අතර එම චෝදනා සඳහා ඩොලර් මිලියන 10ක දඩයකට ලක්වනු ඇති බවටයි පැවසෙන්නේ.

මෙම තොරතුරු හෙළි වීමෙන් පසු ඔස්ට්‍රේලියානු පාරිභෝගික කොමිසම ග්‍රේස් ඊ-වාණිජ්‍ය සමූහයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ගයක් ගෙන තිබෙනවා.

2020 වසරේ ජූලි මස පළමු වනදා සිට 2022 ජූනි 30 දක්වා අලෙවි කරනු ලැබූ මෝටර් රථ පිළිබඳව මෙලෙස ව්‍යාජ හෝ නොමඟ යවනසුලු තොරතුරු ලබා දී ඇති බවටයි පැවසෙන්නේ.

ඇතැම් මෝටර් රථවල වැරදි නිෂ්පාදන වර්ෂයක් සඳහන් කර තිබී ඇති අතර මෝටර් රථයේ නොතිබූ විශේෂාංග වෙන්දේසියේ ලැයිස්තුගත කර තිබී ඇතැයි සඳහන්.

ඔස්ට්‍රේලියානු පාරිභෝගික කොමිසමේ කොමසාරිස්වරිය ප්‍රකාශ කළේ අවම වශයෙන් ඔස්ට්‍රේලියානු පාරිභෝගිකයින් 750ක් මෙලෙස අසත්‍ය තොරතුරු ලබා දී ඇති මෝටර් රථයක් මිලදී ගෙන ඇති බවයි.

මෙම නීති කඩකිරීම් සඳහා අධිකරණයට ඉදිරිපත් වීමට සමාගම එකඟ වී තිබෙනවා.

ඔවුන් මේ වන විටත් බලපෑමට ලක් වූ පාරිභෝගිකයින් කිහිප දෙනෙකුට විසඳුමක් ලබා දී ඇති අතර බලපෑමට ලක් වූ සියලුම ගනුදෙනුකරුවන්ට සහන සැලසීමට ද එකඟ වී තිබෙනවා.

අන්තර්ජාලය ඔස්සේ වාහනයක් මිලදී ගැනීමේදි වැඩි අවධානයක් යොමු කිරීම වැදගත් වන බව පාරිභෝගික කොමිසම ජනතාව දැනුවත් කරන අතර නොමග යවන සුලු ප්‍රකාශ හේතුවෙන් වාහනයේ නියම මිල ගණන් වලට වඩා වැඩි අගයක් ගෙවීමට පාරිභෝගිකයින්ට සිදුවනු ඇති බවට ද අනතුරු අඟවනවා.

ඔස්ට්‍රේලියා නිපුණතා හිඟයට University වලින් විසඳුම්

ඔස්ට්‍රේලියා විශ්ව විද්‍යාල පුහුණු ශ්‍රමිකයින්ගේ අවශ්‍යතා වෙනුවෙන් විශේෂිත වැඩසටහන් දියත්කරමින් සිටින බව මෙල්බන් විශ්ව විද්‍යාලය පවසනවා.

Read More »