
ඔස්ට්‍රේලියානුවන්ගෙන් අඩකට වඩා වැඩි පිරිසක් මිය යාමට පෙර ඔවුන්ගේ අවමංගල්‍ය කටයුතු සඳහා ගෙවීම් සිදු කිරීමට අදහස් කරන බව නව පර්යේෂණයකින් හෙළිව තිබෙනවා.
ෆයින්ඩර් විසින් කරන ලද පර්යේෂණයකට අනුව ඔස්ට්‍රේලියානුවන්ගෙන් බහුතරයකට තමන් මිය යාමට පෙර අවමංගල්‍ය කටයුතු සඳහා පෙර ගෙවීම් සිදු කිරීමට අවශ්‍ය බවයි සඳහන් කර ඇත්තේ.
ඔස්ට්‍රේලියානුවන් 1,000කට වැඩි පිරිසක් සහභාගි කර ගනිමින් සිදු කළ සමීක්ෂණයකින් හෙළිව ඇත්තේ සියයට 53ක් ජීවතුන් අතර සිටියදී ඔවුන්ගේ අවමංගල්‍ය කටයුතු සඳහා පෙර ගෙවුම් සිදු කිරීමට සුදානම් බවයි.

ඒ සදහා සහභාගීවුවන්ගෙන් සියයට 8ක් මේ වන විටත් තම අවමංගල්‍ය කටයුතු සදහා මුදල් ගෙවා අවශ්‍ය කටයුතු සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.
තවත් සියයට 8ක් සදහන් කර ඇත්තේ මුදල් ගෙවීමක් සිදු නොකළ ද තම අවමංගල්‍ය සදහා ඉතුරුම් තැම්පතුවක් පවත්වාගෙන යන බවයි.

මේ අතර පවුලේ සාමාජිකයින්ට අවමංගල්‍ය කටයුතුවලට අදාළ බිල්පත් ගෙවීමෙන් නිදහස් වීම සදහා ජීවතුන් අතර සිටියදීම එම මුදල් ගෙවීමට කටයුතු කරන බව සමීක්ෂණයට ලක් වූවන්ගෙන් සියයට 15ක් ප්‍රකාශ කර තිබෙනවා.
තවත් සියයට 8ක් කියා සිටියේ තමන් මියයෑමට පෙර තම අවමංගල්‍ය වියදම් පියවීමට අවශ්‍ය වුවත් ඒ සදහා තමන්ට වත්කම් නොමැති බවයි.
ෆයින්ඩර් හි පුද්ගලික මූල්‍ය විශේෂඥ කේට් බ්‍රවුන් පැවසුවේ අවමංගල්‍ය කටයුතුවල අවම පිරිවැය ඩොලර් 6,000 ඉක්මවන බැවින් අවමංගල්‍ය වියදම් සඳහා වගකීම භාර ගැනීමට ඔස්ට්‍රේලියානුවන් වැඩි සංඛ්‍යාවක් ඉදිරිපත් වෙමින් සිටින බවයි.