ශ්‍රී ලංකාවේ කොරෝනා පැණිය බිවූ සෞඛ්‍ය ඇමතිනීට කෝවිඩ් වැළඳී ඇතැයි”ඇන්ටිජන් පරීක්ෂණයෙන් තහවුරු වෙයි”. – AusLanka TV – Australian News for the Sri Lankan community

ශ්‍රී ලංකාවේ කොරෝනා පැණිය බිවූ සෞඛ්‍ය ඇමතිනීට කෝවිඩ් වැළඳී ඇතැයි”ඇන්ටිජන් පරීක්ෂණයෙන් තහවුරු වෙයි”.

ශ්‍රී ලංකාවේ කොරෝනා පැණිය බිවූ සෞඛ්‍ය ඇමතිනීට කෝවිඩ් වැළඳී ඇතැයි”ඇන්ටිජන් පරීක්ෂණයෙන් තහවුරු වෙයි”.

ශ්‍රී ලංකාවේ කොරෝනා පැණිය බිවූ සෞඛ්‍ය ඇමතිනීට කෝවිඩ් වැළඳී ඇතැයි”ඇන්ටිජන් පරීක්ෂණයෙන් තහවුරු වෙයි”.

සෞඛ්‍ය ඇමැතිනී පවිත්‍රා වන්නිආරච්චිට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි වේගවත් ප්‍රතිදේහජනක පරීක්ෂණයකින් (Rapid Antigen Test) තහවුරු වී තිබෙන බව විශ්වාසදායක ආරංචි මාර්ග උපුටා දක්වමින් බීබීසී සිංහල සේවය වාර්තා කර සිටිනවා.

සෞඛ්‍ය අමාත්‍යවරියට කෝවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බවට සිදුකළ ඇන්ටිජන් පරීක්ෂණය මගින් අනාවරණය වී ඇති අතර ඇය අද දිනයේ සිදුකරන ලද පීසීආර් පරීක්ෂණයේ ප්‍රතිඵල ලැබෙන තුරු නිවසේ නිරෝධායනය වීමට තීරණය කර ඇත.

එහෙත් ඇයගේ සෞඛ්‍ය තත්වය පිළිබඳව මෙතෙක් නිළවශයෙන් කිසිදු නිවේදනයක් නිකුත් කර නොමැති බවයි BBC සිංහල පුවත් සේවය වාර්තා කර සිටියේ.

PCR පරීක්ෂණයෙන් ද තහවුරු වුවහොත්, සෞඛ්‍ය ඇමැතිනී පවිත්‍රා වන්නිආරච්චි, කෑගල්ලේ ධම්මික බණ්ඩාර විසින් නිෂ්පාදිත පැණිය ප්‍රසිද්ධියේ පානය කල​ මන්ත්‍රීවරුන් අතරින් කෝවිඩ්19 රෝගය වැළඳුණ දෙවන අමාත්‍යවරයාය.

(BBCSinhala)

COMMENTS