වික්ටෝරියා ප්‍රාන්තයේ කාන්තාවන්ට බයිසිකලයෙන් එන කරදරයක් ගැන පොලිසියෙන් උපදෙසක්

වික්ටෝරියා ප්‍රාන්තයේ යතුරුපැදිකරුවෙකු විසින් කාන්තාවන් සිව් දෙනෙකුට ලිංගික අතවර කළ බවට ලැබුණූ පැමිණිලි ඔස්සේ පොලිසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.

වික්ටෝරියා ප්‍රාන්තයේ මෝනිංටන් හි විසූ කාන්තාවන් හතර දෙනෙකුට සැකකරු මෙලෙස ලිංගික අතවර සිදු කර ඇති අතර මෙම වසරේ ගතවූ මාස 2 තුල මෙම සිදුවීම් වාර්තා වී ඇති බව සදහන්.

නාඳුනන පිරිමි පුද්ගලයකු විසින් මෙලෙස බයිසිකලයේ ගමන් කරමින් සිටි කාන්තාවන්ට පිටුපසින් පැමිණ හිරිහැර සිදුකර තම බයිසිකලයෙන් එම ස්ථානයෙන් පලා ගොස් ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ.

වික්ටෝරියා පොලිසිය පැවසුවේ මෙම සිදුවීම් දාමයේ පළමු සිදුවීම ජනවාරි 22 දින වාර්තා වූ අතර අනෙක් සිදුවීම් ජනවාරි 31 , පෙබරවාරි 1 සහ පෙබරවාරි 13 යන දිනයන්හි සිදුව ඇති බවයි.

විමර්ෂණවලට අදාළ පුද්ගලයෙකු හා ඊට සම්බන්ධ බයිසිකලයක මෙන්ම බෑගයක ඡායාරූප අද මාධ්‍ය වෙත නිකුත් කර තිබුණා.

ඔහු පෙනුමෙන් කොකේසියානු (Caucasian) ජාතිකයෙකු ලෙස පෙනෙන අතරවයස අවුරුදු 14ත් 19ත් අතර වියෙහි පසුවන බව අනුමාන කෙරෙනවා.

මොහු පිළිබද යම් තොරතුරක් ලදහොත් 1800 333 000 යන දුරකතනය ඔස්සේ දැනුම් දෙන ලෙස පොලිසිය මහජනතාවට දැනුම් දී ඇති අතර කාන්තාවන් මේ දිනවල මාර්ගයේ ගමන් ගන්නා විට අවධානයෙන් පසුවන ලෙසට ද උපදෙස් ලබා දී තිබෙනවා.

සිඩ්නි සාප්පු සංකීර්ණයේ පිහි ඇනුමට මැදිහත් වූ තවත් අයෙකුට ඔස්ට්‍රේලියාවේ පුරවැසිභාවය

බොන්ඩායි ජන්ෂන්හි සාප්පු සංකීර්ණයකඅ සිදු වූ පිහි ඇනුමේදී තුවාල ලැබූ පකිස්ථාන ජාතික ආරක්ෂක නිලධාරියාට ඔස්ට්‍රේලියාවේ ස්ථිර පුරවැසිභාවය ලැබෙන බව අග්‍රාමාත්‍ය ඇන්තනි ඇල්බනිස් තහවුරු කර තිබෙනවා.

Read More »