Search

වඳවීමේ තර්ජනයකට මුහුණ දෙන වන අලි ගැන අධිකරණ නියෝගයක්

බංග්ලාදේශයේ වඳවී යාමේ තර්ජනයට ලක්ව ඇති වන අලි ඇතුන් හදාවඩා ගැනීම තහනම් කරමින් සහ සියලු බලපත්‍ර අත්හිටුවමින් අධිකරණ නියෝගයක් නිකුත් කර තිබෙනවා.

අලි සම්බන්ධයෙන් ඇති සියලුම බලපත්‍ර මහාධිකරණය විසින් අත්හිටුවීම සත්ත්ව හිමිකම් කණ්ඩායම්වල පැසසුමට ලක්වී ඇති අතර නව නියෝගයත් සමග වන අලි ඇතුන් අල්ලා ගැනීම හෝ රඳවා තබා ගැනීම තහනම් වනු ඇති.

විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ බංග්ලාදේශයේ අලි හිමිකරුවන් විසින් ඇතැම් අලි ඇතුන් හිංසාකාරී ලෙස සිඟමන් යැදීම, සර්කස් හෝ වීදි සංදර්ශන සඳහා යොදාගෙන ඇති බවයි.

බංග්ලාදේශයේ දැනට සිටින්නේ අලි ඇතුන් 200ක පමණ ප්‍රමාණයක් වන අතර, ඔවුන්ගෙන් අඩක් පමණ වහල්භාවයේ ජීවත් වන බව සඳහන්.

බංග්ලාදේශය ආසියානු අලින්ගේ ප්‍රධාන නිවහනක් වුව ද දඩයම් කිරීම සහ වාසස්ථාන අහිමි වීම හමුවේ එම සතුන් සංඛ්‍යාවේ කැපී පෙනෙන අඩුවක් දක්නට ලැබෙනවා.

මීට පෙර ලැබී තිබූ අවසරයන් අනුව බංග්ලාදේශයේ කුඩා අලි ඇතුන් අල්ලාගෙන විවිධ කටයුතු සඳහා යොදා ගැනීමට අවසර පැවති අතර දර ඇදීම සඳහා සතුන් යොදා ගන්නා දැව කපන කණ්ඩායම් සඳහා ද බලපත්‍ර නිකුත් කර තිබුණා.

අනෙක් වන අලි ඇතුන් සර්කස් කණ්ඩායම් විසින් රඳවාගෙන සිටි අතර එම බලපත්‍ර හිමියන් ද කොන්දේසි කඩ කර ඇති බවයි අධිකරණය ප්‍රකාශ කළේ.

සත්ව හිමිකම් සංවිධාන පෙන්වා දෙන්නේ වන අලි පුහුණු කිරීමට බව පවසමින් සර්කස් ඇතුළු පෞද්ගලික බලපත්‍රලාභීන් අලි පැටවුන් මවගෙන් වෙන් කර මාස ගණන් විලංගු දමා වද හිංසා පමුණුවන බවයි.

නව අධිකරණ නියෝගය අනුව වහල්භාවයේ සිටින අලි ඇතුන් පුනරුත්ථාපනය කිරීමට සැලසුම් කර ඇති බව ඔවුන් ප්‍රකාශ කළා.

පසුගිය 2023 වසරේ සිඟමන් යැදීමට යොදාගත් අලි පැටවකු දුම්රියට හසුවී මිය ගිය අතර 2019 වසරේ දී මහමග සිඟමන් යැදීමට යොදාගෙන සිටි අලි දෙදෙනකු පොලිසිය විසින් බේරා ගනු ලැබුවා.

ආබාධිත දරුවන් විශාල පිරිසකට උපකාර කළ අශ්වයාට වික්ටෝරියාවේදී සිදුවූ දේ

පසුගිය වසර දෙකක කාලසීමාව තුළ ආබාධිත දරුවන් රැසකට සහය වූ Therapy අශ්වයෙකු වික්ටෝරියා ප්‍රාන්තයේ බෙන්ඩිගෝ හීදී සොරාගෙන තිබෙනවා.

Read More »

ලාංකිකයන්ගේ ඔස්ට්‍රේලියා – නවසීලන්ත සිහින සැබෑ වෙන්න තව පැය 48 යි

ඔස්ට්‍රේලියා – නවසීලන්ත රැකියාවක් හෝ අධ්‍යාපනය පිළිබඳ බලාපොරොත්තුවෙන් පසුවන ශ්‍රී ලාංකික තාරුණ්‍යයේ සිහින ඉටු කෙරෙන සංක්‍රමණ වැඩමුලු මාලාවේ 02 වන අදියර “AusLanka TV Education Migration Expo 2025” පැවැත්වීමට ඇත්තේ තව දින 02 ක් පමණයි.

Read More »