Search

රියදුරෙක් නොමැතිව අධික වේගයෙන් ගිය දුම්රිය අතරමග නරත කරගත් මෙහෙයුම

රියදුරෙකු නොමැතිව භාණ්ඩ ප්‍රවාහන දුම්රියක් කිලෝමිටර් 70ක පමණ දුරක් පැයට කිලෝමිටර් 100ක පමණ වේගයකින් ධාවනය වීමේ සිදුවිමක් ඉන්දියාවෙන් වාර්තා වනවා.

පන්ජාබ් සිට ජම්මු කාශ්මීරය දක්වා ධාවනය වෙමින් තිබූ දුම්රිය පතන්කොට් දුම්රිය ස්ථානයේ නවතා ඇති අතර ඉන් බැසීමට පෙර රියදුරුට තිරිංග යෙදීම අමතක වීම මෙම සිදු වීමට හේතුව බවටයි සැක කෙරෙන්නේ.

රියදුරා නොමැති දුම්රිය පැයට කිලෝමීටර් 100ක වේගයෙන් ගමන් කර දුම්රිය ස්ථාන පහක් පසුකර අවසානයේ උන්චි බාසි හිදී නතර කර ගැනීමට නිලධාරීන් සමත් වී තිබෙනවා. ඒ දුම්රිය මාර්ගය හරහා ලී කොට යෙදීමෙන්.

දුම්රිය නතර කළ ස්ථානය බෑවුමක් සහිත ප්‍රදේශයක් වීම නිසා රියදුරු නොමැතිව දුම්රිය ඉදිරියට ගමන්කර ක්‍රමයෙන් වේගය වැඩිවී ඇති බවටයි වාර්තා වන්නේ.

සිදුවීම සම්බන්ධයෙන් ඉන්දීය දුම්රිය බලධාරීන් විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති අතර සිද්ධියට නිශ්චිත හේතුව තවමත් අනාවරණය කර ගෙන නොමැති බව ඔවුන් ප්‍රකාශ කර තිබෙනවා.

ව්‍යාජ රියදුරු බලපත්‍ර භාවිත කළොත් වසර 10 ක සිරදඩුවමක්

ඔස්ට්‍රේලියාව තුල ව්‍යාජ ලිපි ලේඛන භාවිතය වැඩි වී ඇති බව ප්‍රමුඛ පෙළේ නීතිඥයින් විසින් කරන ලද විශ්ලේෂණයකින් හෙළි වී තිබෙනවා. සෑම ප්‍රාන්තයකම “ව්‍යාජ හැඳුනුම්පත ”

Read More »

වික්ටෝරියා රජයෙන් ගොවීන්ට $ මිලියන 15.9 ක ආධාරයක්

දීර්ඝ කාලීන වියළි කාලගුණයකට මුහුණ දුන් ගොවීන් සඳහා වික්ටෝරියානු රජය ඩොලර් මිලියන 15.9 ක මූල්‍ය ආධාරයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා. මෙම අරමුදල් මීට පෙර රජයේ

Read More »