මෙල්බන් ගුවන්තොටුපළට එන අයට විශේෂ දැනුම්දීමක්

ටලමරින් ෆ්‍රී වේ (Tullamarine Freeway) සෘජුවම මෙල්බන් ගුවන් තොටුපළ පර්යන්තවලට සම්බන්ධ කරන ව්‍යාපෘතියේ දෙවන අදියරේ ඉදි කිරීම හේතුවෙන් වාහන නැවැත්වීමේ ස්ථාන 2,000ක් අහිමි වන බව අනාවරණ වී තිබෙනවා.

නව ඉදි කිරීම් මාර්තු මාසයේදී ආරම්භ කිරීමට නියමිතයි.

මෙම ඉදිකිරීම හමුවේ එක, දෙක සහ තුන යන පර්යන්තවල මගීන්ට වාහන නතර කිරීමට සහ වාහන ලබා ගැනීම සඳහා බහු මහල් රථගාල වෙත යාමට සිදු වනු ඇති.

විශේෂයෙන් ඉදිරියට එළඹෙන පාස්කු වැනි කාර්යබහුල නිවාඩු කාලවලදී වාහන නතර කිරීමේ පහසුකම් ලබා ගැනීම සඳහා කලින් සැලසුම් කරන ලෙසටයි ගුවන් තොටුපළ ක්‍රියාකරු සංචාරකයින්ගෙන් ඉල්ලා සිටින්නේ.

කාර්ය බහුල දින, දිගු සති අන්ත නිවාඩු සහ පාස්කු නිවාඩු ඇතුළු නිවාඩු සමයන්වලදී මෙල්බර්න් ගුවන් තොටුපළේ රථ ගාල් කිරීමට ස්ථාන අඩු වනු ඇතැයි සංචාරකයින්ට අනතුරු අඟවා තිබෙනවා.

ගුවන් තොටුපළේ බහු මහල් රථගාල තුළ ඩ්‍රොප්-ඕෆ් කලාප වෙත ටලමරින් ෆ්‍රී වේ සම්බන්ධ කරන මාර්ගයේ දෙවන අදියරේ ඉදිකිරීම් මාර්තු මාසයේදී ආරම්භ වීමට නියමිතයි.

මෙල්බර්න් ගුවන් තොටුපළේ ප්‍රධානියෙකු පැවසුවේ ව්‍යාපෘතිය අවසන් වූ පසු ගුවන් තොටුපළට ඇතුළුවීම සහ පිටවීම පහසු කරන බවයි.

2026 වසරේ දී නව මාර්ගය අවසන් වූ පසු, පර්යන්ත සහ බහු මහල් රථ ගාල් අතර දැනට පවතින මගීන් බැස්සවීමේ කලාප භාවිතා කිරීමට අවසර හිමිවන්නේ Skybus, Taxi මගීන්ට පමණයි.

ලොව ජනප්‍රිය සමාගමක ලොකු පුටුවකට මෙල්බන්හි උපාධිය හැදෑරූ ශ්‍රී ලාංකික කාන්තාවක්

Coca-Cola සමාගමේ ශ්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා නව අධ්‍යක්ෂවරිය ලෙස (Country Director Sri Lanka & Maldives) ශ්‍රී ලාංකිකයෙක් වන කෞෂාලි කුසුමපාල පත් කර ඇති බව එම සමාගම නිවේදනය කර තිබෙනවා.

Read More »

සිඩ්නි සාප්පු සංකීර්ණයේ පිහි ඇනුමට මැදිහත් වූ තවත් අයෙකුට ඔස්ට්‍රේලියාවේ පුරවැසිභාවය

බොන්ඩායි ජන්ෂන්හි සාප්පු සංකීර්ණයකඅ සිදු වූ පිහි ඇනුමේදී තුවාල ලැබූ පකිස්ථාන ජාතික ආරක්ෂක නිලධාරියාට ඔස්ට්‍රේලියාවේ ස්ථිර පුරවැසිභාවය ලැබෙන බව අග්‍රාමාත්‍ය ඇන්තනි ඇල්බනිස් තහවුරු කර තිබෙනවා.

Read More »