අවසරයකින් තොරව කාන්තාවක් පරික්ෂණයකට යොදාගත් වෛද්‍යවරයාට වැඩ වරදී

බ්‍රිස්බේන්හි ප්‍රකට ශල්‍ය වෛද්‍යවරයකු හර්නියා සැත්කමක් අතරතුර කාන්තාවකගේ ලිඛිත අවසරයකින් තොරව මිනිස් පරීක්ෂණයකට ඇය යොදා ගත් බවට වෛද්‍ය මණ්ඩල පරීක්ෂණයකින් හෙළි වී තිබෙනවා.

63 හැවිරිදි කාන්තාවක් හර්නියා දැල් පරීක්ෂණයකට යොදා ගැනීමට පෙර වෛද්‍යවරයා ඊට අදාළ ආචාර ධර්ම පද්ධතිය නිසි ලෙස පරිශීලනය කර නොමැති බවටයි චෝදනා එල්ලවී ඇත්තේ.

2010 වසරේදී අදාළ අත්හදා බැලීම වී ඇත්තේ හර්නියා රෝගීන්ට සිදු කෙරෙන සැත්කම් සඳහා අවශ්‍ය උපාංගයක් පරීක්ෂා කිරීමයි.

සිද්දියට මුහුණ දී ඇති කාන්තාව 2011 වසරේදී ඔස්ට්‍රේලියානු සෞඛ්‍ය වෛද්‍ය නියාමක ඒජන්සියට පැමිණිල්ලක් කළ අතර, ඇය තවමත් සැත්කමෙන් වේදනාවෙන් පෙළෙන බව සඳහන් කර තිබෙනවා.

එහි විමර්ශනයෙන් පසුව, කාර්ය සාධනය සහ වෘත්තීය ප්‍රමිති මණ්ඩලය වෛද්‍යවරයාගේ වෘත්තීය නොවන හැසිරීම සඳහා චෝදනා කර ඇතැයි සඳහන්.

මණ්ඩලය විසින් ඔහුගේ සේවය සඳහා කොන්දේසි ද පනවා ඇති බවයි වාර්තා වන්නේ.

ඔස්ට්‍රේලියානු ළමයින්ට සමාජ මාධ්‍ය තහනම් වෙන ලකුණු

ඔස්ට්‍රේලියාවේ සමාජ මාධ්‍ය භාවිත කිරීමේ වයස් සීමාව වෙනස් කරන ලෙසට ෆෙඩරල් රජයට ඉදිරිපත් වූ යෝජනා සම්බන්ධයෙන් ක්‍රියාත්මක විය හැක්කේ කෙසේද යන්න සොයා බැලීම් ආරම්භ කර තිබෙනවා.

Read More »

NSW අයවැයෙන් ප්‍රාන්ත වැසියන්ට හිමි වන සහන මෙන්න

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ අඩු ආදායම්ලාභී පවුල් ඒකක සඳහා ඩොලර් 350 දක්වා බලශක්ති සහන ලබා දීමට මෙවර ප්‍රාන්ත අයවැයෙන් තීරණය කර තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ අපරාධ නතර කරන්න එන අලුත්ම නීතිය

වික්ටෝරියා ප්‍රාන්තයේ සිදු වන කිසියම් හෝ අපරාධයක වගකීම ගැනීමට හැකි වයස් සීමාව අවුරුදු 12 දක්වා ඉහළ නැංවීමට පියවර ගෙන තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියා ධවතුන් නිවාස හදන ප්‍රදේශ බදු කාර්යාල වාර්තා හෙළි කරයි

ඔස්ට්‍රේලියාවේ ධනවතුන් වැඩි වශයෙන් ජීවත් වන ප්‍රදේශවලට අයත් postcodes සම්බන්ධයෙන් නව වාර්තාවක් ඉදිරිපත් කර තිබෙනවා.

Read More »