
වික්ටෝරියානු ප්‍රාන්තයේ කොරෝනා නීති තවදුරටත් ලිහිල් වේ.
වික්ටෝරියානු ප්‍රාන්තයේ දේශීය වශයෙන් කිසිඳු කොරෝනා රෝගියෙකු දින 16 ක් පුරාවට වාර්තා නොවූ අතර අද මධ්‍යම රාත්‍රියේ සිට තවදුරටත් කොරෝනා නීති ලිහිල් කිරීමට වික්ටෝරියානු රජය කටයුතු සලසා ඇත.
අද දින පැවති මාධ්‍ය හමුවකදී වික්ටෝරියානු අගමැති Daniel Andrews මෙම සිදුකල වෙනස්කම් පිළිබඳ සිය අදහස් දැක්වීය. මේ අනුව, අද(22) මධ්‍යම රාත්‍රියේ සිට නිවසකට පැමිණිය හැකි උපරිම පුද්ගල සීමාව 15 සිට 30 දක්වා දෙගුණයකින් වැඩි කර ඇත.

තවද, මුව ආවරණ පැළඳීමේ නීතිය ද අලුත් අවුරුදු උදාවට පෙර පැවති සීමාවන් වලට පරිවර්තනය වන අතර ඒ අනුව, එළඹෙන සඳුදා(25) සිට මුව ආවරණ අනිවාර්‍ය වන්නේ සුපිරි වෙළඳසැල්වල, සාප්පු මධ්‍යස්ථානවල, ගුවන්තොටුපලේ සහ ගුවන් ගමන් ඇතුළුව සමහර ගෘහස්ථ ස්ථාන වල පමණි.