අඩු ආදායම්ලාභීන්ට නිවාස කුලියට ගන්න බැරි හේතුව හෙළි වෙයි

ඕස්ට්‍රේලියාවේ අඩු ආදායම්ලාභීන් නිවාස කුලී ගෙවා ගැනීමේ අරගලයක නිරත අවස්ථාවක ධනවත් පුද්ගලයන් නිවාස කුලියට ගැනීමේ වර්ධනයක් දක්නට ලැබෙන බව නවතම සමීක්ෂණයකින් අනාවරණ වී තිබෙනවා.

පසුගිය වසර 25 තුළ ඔස්ට්‍රේලියාවේ පෞද්ගලික කුලී නිවාසවල ජීවත්වන ඉහළ ආදායම් ලබන පුද්ගලයන් ප්‍රමාණය තුන් ගුණයකින් වැඩි වී ඇති බවයි වාර්තා වන්නේ.

1996 වසරේ දී, පෞද්ගලික කුලී නිවැසියන්ගෙන් සියයට 8ක් ඉහළ ආදායම් ලබන පිරිසක් වූ අතර මේ වන විට එම සංඛ්‍යාව සියයට 24ක් වී තිබෙනවා.

ඕස්ට්‍රේලියාවේ අඩු ම ආදායම් ලබන කුලී නිවැසියන්ට දැරිය හැකි මුදලකට ලබා ගත හැකි පුද්ගලික කුලී නිවාස ප්‍රමාණය ද මේ වන විට සියයට 60 සිට සියයට 13 දක්වා පහත වැටී ඇතැයි සඳහන්.

වැඩි ආදායම් ලබන පුද්ගලයන් පුද්ගලික කුලී නිවාසවලට මාරු වී ඇති බැවින් අඩු ආදායම්ලාභීන්ට කුලී නිවාස සඳහා අරගලයක නිරත වීමටයි සිදුවී ඇත්තේ.

ඕස්ට්‍රේලියානු නිවාස හා නාගරික පර්යේෂණ ආයතනයේ නව වාර්තාව පෙන්වා දෙන්නේ දැරිය හැකි මිලකට කුලී නිවාස ලබා ගැනීමට නොහැකි වීම නිවාස අංශයේ වෙළඳපොල අසාර්ථකත්වය පිළිබඳ සමාජ යථාර්ථය හෙළි කරන බවයි.

ඔස්ට්‍රේලියාවට එන සංක්‍රමණිකයන්ට රැකියා සොයා ගැනීම ගැන උපදෙස් මාලාවක්

ඔස්ට්‍රේලියාවට පැමිණෙන විදේශ සංක්‍රමණිකයින් සඳහා මෙරට රැකියා වෙළඳපල තුළ නව රැකියාවක් කඩිනමින් සොයා ගැනීම පිළිබඳ උපදෙස් මාලාවක් නිකුත් කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ සුඛෝපභෝගී SUV මෝටර් රථ කිහිපයක් යළි කැඳවයි

නිෂ්පාදන දෝෂ කිහිපයක් හේතුවෙන් ඔස්ට්‍රේලියාවේ සුඛෝපභෝගී SUV මෝටර් රථ කිහිපයක් නැවත කැඳවීමට ඇස්ටන් මාර්ටින් සමාගම් බලධාරීන් පියවර ගෙන තිබෙනවා.

Read More »

පිහි පරික්ෂාවට පොලිසිය නව නීති ඉල්ලයි

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තය පුරා පිහි ඇනුම් සිදුවීම් ගණනාවක් වාර්තා වීම හේතුවෙන් පොලිස් නිලධාරීන්ට ප්‍රසිද්ධියේ පිහි සෝදිසි කිරීම් සිදු කළ හැකි වන පරිදි නීති හඳුන්වා දෙන ලෙස ප්‍රාන්ත පොලිස් සංගමය ඉල්ලීමක් කරනවා.

Read More »

Today’s Topstories 2024.04.23

ඉලොන් මස්ක්ගේ ප්‍රතිචාරය ගැන අගමැතිගෙන් චෝදනා උණ ආසාදිතයන් ඉහළ යාම හමුවේ එන්නත් ලබා ගන්නැයි දැනුම්දීමක් සිඩ්නි විශ්ව විද්‍යාලයෙන් ජාත්‍යන්තර සිසුන්ට ශිෂ්‍යත්ව Woolworths කාර්ය මණ්ඩලයේ ආරක්ෂාවට ඇඳුමට කැමරාවක්   ශ්‍රී ලංකන් එයාර් ලයින්ස් මිලදී ගන්න ධම්මික පෙරේරාත් සූදානමින්

Read More »