
සේවක වැඩ වර්ජන හේතුවෙන් දින හයක කාලයක් වසා දමා තිබූ ප්‍රංශයේ පැරිස් නුවර අයිෆල් කුළුණ නැවතත් සංචාරකයන් සඳහා විවෘත කිරීමට තීරණය කර තිබෙනවා.
කුළුණ කළමනාකරණය කරන ආකාරය සම්බන්ධයෙන් ඇති වූ ආරවුලක් හේතුවෙනුයි සේවකයන් පසුගිය සඳුදා සිට වර්ජනයක නිරත වුණේ.
එහි මෙහෙයුම් සිදු කරනු ලබන සමාගම පැවසුවේ, සෙනසුරාදා වෘත්තීය සමිති සමඟ ගිවිසුමකට එළඹුණු බවයි.

2024 ඔලිම්පික් ක්‍රීඩා උළෙල පැවැත්වීමට පැරිස් නුවර අපේක්ෂාවෙන් සිටින අවස්ථාවක පසුගිය මාස තුන තුළ සිදු වූ දෙවන වර්ජනය මෙයයි.
කුළුණ නැරඹීමට ප්‍රවේශපත්‍ර ලබා ගත් පුද්ගලයන්ගෙන් එහි මෙහෙයුම් සමාගම සමාව අයැද සිටි අතර අදාළ වෙන් කිරීම් සඳහා මුදල් ප්‍රතිපූරණය කරන බවයි ප්‍රකාශ කර ඇත්තේ.

සේවක වර්ජනය හේතුවෙන් ප්‍රවේශ පත්‍ර ලබා ගත් 100,000ක පමණ පිරිසකට අයිෆල් කුළුණ නැරඹීමේ අවස්ථාව අහිමි වී තිබුණා.
වර්ජකයින් ස්මාරකයේ තත්ත්වය පිළිබඳව කනස්සල්ල පළ කර ඇති අතර, වඩා වසර 14 ක් තිස්සේ කුළුණ පින්තාරු කර නොමැති අතර, අනෙකුත් අලුත්වැඩියා කටයුතු ද පසුගාමී වී ඇති බවයි චෝදනා කර ඇත්තේ.