Search

2024 වසරේ ආසියාවේ ධනවතුන්ගේ වත්කම් ගැන අලුත්ම අනාවරණයක්

2024 වසර වන විට ආසියානු රටවල ධනවත්ම පුද්ගලයන් 10 දෙනාගේ ශුද්ධ වත්කම් පිළිබඳ නවතම වාර්තාවක් මගින් තොරතුරු අනාවරණ කර තිබෙනවා.

ඒ අනුව 2024 වසර වන විට ආසියානු කලාපයේ ධනවත්ම පුද්ගලයා ලෙසට වාර්තා වී ඇත්තේ ඉන්දියාවේ රිලයන්ස් ඉන්ඩස්ට්‍රිස් (Reliance Industries Limited) අධිපති මුකේෂ් අම්බානි යි. ඔහුගේ වත්කම ඇමරිකා ඩොලර් බිලියන 102.7ක් බව සඳහන්.

රිලයන්ස් ඉන්ඩස්ට්‍රිස් ලිමිටඩ් Reliance Industries Limited යනු මුම්බායි හි පිහිටි ඉන්දියානු බහුජාතික සමූහ ව්‍යාපාරයක්.

එහි ව්‍යාපාරවලට බලශක්තිය, ඛනිජ තෙල්, රසායන ද්‍රව්‍ය, ස්වාභාවික ගෑස්, සිල්ලර වෙළඳාම, විදුලි සංදේශ, ජන මාධ්‍ය සහ රෙදිපිළි ඇතුළත්.

ඉන්දුනීසියාවේ දුම්කොළ ව්‍යාපාරයේ ප්‍රමුඛයෙක් වන රොබට් බූඩි හර්ටෝනෝ 2024 වන විට ආසියාවේ ධනවත්ම පුද්ගලයන් අතරින් දෙවන ස්ථානයේ සිටිනවා. ඔහුගේ වත්කම ඇමරිකා ඩොලර් බිලියන 44.8ක් බව සඳහන්.

තුන්වන ස්ථානයට ඉන්දියාවේ ශපූර්ජි පලොන්ජි (Shapoorji Pallonji Group) සමාගමේ හිමිකරු ශාපුර් මිස්ට්‍රි (Shapoor Mistry) පත්වී තිබෙනවා.

ඔහුගේ වත්කම ලෙසට සටහන් වන්නේ ඇමරිකා ඩොලර් බිලියන 32.3ක්.

මුම්බායි හි මූලස්ථානය පිහිටි ශපූර්ජි පලොන්ජි ඉන්දියානු සමූහ ව්‍යාපාරයක් වන අතර ඔවුන් ඉදිකිරීම්, දේපළ වෙළඳාම්, රෙදිපිළි, ඉංජිනේරු භාණ්ඩ, ගෘහ උපකරණ, නැව්ගත කිරීම සහ ජෛව තාක්‍ෂණය වැනි ව්‍යාපාරවල නිරත වනවා.