
ලොව පුරා රටවල්වල පැවැත්වෙන සරුංගල් සැණකෙළි සඳහා යන මෙල්බන් නුවර පදිංචි පවුලක් පිළිබඳ තොරතුරු වාර්තා වනවා.
රික් බේකර් මෙම පුද්ගලයා ඔස්ට්‍රේලියාවෙන් පිටව යනු ඇතැයි කිසිදා නොසිතුවත්, 1985 වසරේ දී ඔහු සිය පළමු නූල් දෙකේ සරුංගලය පියාසර කළ දිනයේ සිටයි සියල්ල වෙනස් වී ඇත්තේ.
එමගින් ඔහුට මෙල්බර්න් හි සරුංගල් සමාජයකට සම්බන්ධ වීමටත්, තවත් සරුංගල් මිලදී ගැනීමට මෙන්ම පවුලේ සාමාජිකයන් ද සරුංගල් උමතුවට යොමු කිරීමටත් හේතු වී තිබෙනවා.

මේ දිනවල, රික් සහ ඔහුගේ පවුලේ සාමාජිකයන් නිරන්තරයෙන් විදේශයන්හි සරුංගල් සැණකෙළි සඳහා ගමන් කරන අතර, එහිදී ඔවුන් සංස්කෘතිය සහ භාෂා ඉක්මවා යන ගෝලීය ප්‍රජාවක කොටසක් බවට පත් වීම විශේෂත්වයක්.
රික් බේකර් පෙන්වා දෙන්නේ සරුංගල් සැණකෙළි හේතුවෙන් තමන් සංචාරකයින් නොයන රටවලට සහ ස්ථාන වෙත ද ගමන් කරන බවයි.

රික්ගේ පුත් ට්‍රෙන්ට් බේකර් පැවසුවේ තමා සහ සහෝදරයා වන බ්‍රෙට් බේකර් පියාගේ සරුංගල් චාරිකාව අනුගමනය කරමින් ඔස්ට්‍රේලියාවේ සෑම සරුංගල් උත්සවයකටම සංචාරය කරමින් හැදී වැඩුණු බවයි.
ට්‍රෙන්ට් තවමත් වැඩිහිටියෙකු ලෙස සරුංගල්වලට ප්‍රිය කරන අතර බොහෝ විට ඔහු ද පවුලේ අයගේ විදේශ සංචාරවලට සම්බන්ධ වනවා.
බ්‍රේකර් පවුල සරුංගල් ලෝලීන් වීමට අමතරව මෙන්ම පාසල්වල, නිවාඩු දිනවල සහ විශ්වවිද්‍යාලවල පවා සරුංගල් සෑදීමේ වැඩමුළු පවත්වාගෙන යන කුඩා ව්‍යාපාරයක් ද සිදු කරනු ලබනවා.
බේකර් පැවසුවේ මෙම පෞරාණික, අඩු වියදම් විනෝදාංශය ගොඩනැගිලිවල තිර දෙස බලමින් ගෘහස්ථව ගත කරන නවීන ජීවිතවලට පිළිගත හැකි පිළිතුරක් බවට වූ විශ්වාස කරන බවයි.
වර්තමානයේ සරුංගල් නොයවන ළමයින් දිරිමත් කිරීමට ද උත්සාහ කරන බවයි ඔවුන් සඳහන් කළේ.